තමන් තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත්තේ තම ආණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා පමණක් බව ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ඊයේ (30) දඹුල්ලේ පැවැති රැස්වීමක් අමතමින් ප්‍රේමදාස මහතා මේ බව සදහන් කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ජනපති වුවද තමන් සජිත් යටතේත් අගමැති බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ඊයේ දිනම සජිත් ප්‍රේමදාස මහතා මෙම පිළිතුර ලබා දුන් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.










