• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

හන්තානේ අනන්තය

October 31, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
හන්තානේ අනන්තය
Share on WhatsAppShare on Facebook

හන්තාන ප්‍රේමය ප්‍රේමණීය වන්නා සේම, ප්‍රේම කතා බහුතරයක අවසානය කටුකත්වයෙන් සපිරෙන්නාක් මෙන් හන්තාන කෙළවර තරණයද කටුක කර්කශ ස්වභාවයක් ගනී. හන්තාන ප්‍රේමය ජයගන්නා පිරිස අතළොස්සක් වන්නා සේම හන්තාන කෙළවර ජයගන්නා පිරිසද ඉතා අතළොස්සකි.

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නුවර සිට ගලහා දක්වා විහිදී පවතින හන්තාන කඳුවැටිය, ගඟවට, පාතහේවාහැට, දෙල්තොට, උඩපළාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වේ. මහවැලි ගඟේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශ ලෙස කඳුවැටියේ බටහිර බෑවුම් ප්‍රදේශ ක්‍රියාකරයි. මුහුදු මට්ටමින් මීටර 1,240ක උසක් දක්වා විහිදෙන අතර, අංශක 360ක පරාසය තුළ, මධ්‍යම කඳුකරයේ නකල්ස්, සබරගමුවේ කඳු මෙන්ම අරණායක දොළොස්බාගේ කඳුද හන්තාන මුදුනේදී දර්ශන පථයට යොමු කරගත හැකිය. 1946දී හන්තාන පහළ බෑවුමේ අක්කර 1,080ක භූමිභාගයක් තුළ පේරාදෙණිය සරසවිය පිහිටුවා ඇත. බි්‍රතාන්‍ය පාලන සමයේ දර හා ඖෂධ ලබාගැනීම සඳහා පමණක් ඇතුළු වීමට අවසර තිබූ හන්තාන “මට්න් බට්න්” හෙවත් මන්තන පතන නමින් හැඳින්වූ බව කියැවේ. අද වන විට කිසියම් අපගමනයකට ලක්වුවද, එකල දැඩි සත්ව හා ශාක ගහනයක් හන්තානේ පැවැති බවට මූලාශ්‍ර පවතී.

අක්කර 500ක පයිනස් වනයකින් යුතු, මීදුමෙන් නිතර වැසී පවත්නා කඳුවැටිය රැකගැනීමෙහිලා පේරාදෙණිය සරසවිය විශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි. සරසවි සිසුන් අතර ආදර කන්ද නමින් ප්‍රකට හන්තාන වාර්ෂික සරසවි චාරිකාවලදී, පළමු වසර සිසුන්ගේ අනිවාර්ය චාරිකාව බවට පත්ව තිබේ. නව පෙම්වතුන් බිහිකරගැනීමටත්, සම්බන්ධයන් තරකරගැනීමටත් තරුණ තරුණියන් හන්තාන තරණයේදී නොපසුබට වේ. හන්තාන තරණයට පහසුවෙන් යොමුවිය හැකි ප්‍රධාන මාර්ග 04කි. පේරාදෙණිය සරසවි මාර්ගය, මහකන්ද සරසවිගම මාර්ගය, ගලහා – දෙල්තොට මාර්ගය, උඩවලව හන්තාන් වත්ත හරහා වැටී ඇති මාර්ගය ලෙස ඒවා හැඳින්විය හැකිය.

1980 අංක 47 දරන ජාතික පරිසර පනතට යටත්ව හන්තාන පරිසර ආරක්ෂක ප්‍රදේශයක් ලෙස නම්කරන ලදී. මෙහිදී අඩි 3,000ට ඉහළ සීමාව සම්පූර්ණ වන ආවරණයක් ලෙස යෝජිතව ඇත. කැලෑ ගිනිතැබීම්, වගා කටයුතු, වල් ඌරන්, හාවුන් දඩයම් කිරීම්, ජනාවාසකරණයෙන් හෝටල් ඉදිකිරීම් වැනි මානව ක්‍රියාකාරකම් නිසා හන්තානේ පාරිසරික ගැටලු ඇතිව පවතී. ඒවා නිසි කළමනාකරණයකින් පාලනය කරගැනීම රජයේ මෙන්ම අපගේද යුතුකමක් ලෙස සැලකිය යුතුය.

කඳු 7කින් සමන්විත හන්තාන කඳුපන්තියේ අඩි 3,720කින් පමණ යුතු ඌරාකන්ද උසින් වැඩිම කන්ද ලෙස සැලකෙයි. ඌරාකන්දට පහසුවෙන් ළඟාවිය හැකි මාර්ගය මහකන්ද සරසවිගම හරහා වැටී ඇත. සරසවිගම සිට පැය දෙකකට නොඅඩු කාලයකදී කටුසු කොන්දට ළඟාවිය හැකිය. වියළි කාලගුණික තත්ත්වයන් යටතේ ගමන පහසු වේ. අවශ්‍ය තරම් ජලය හා ආහාර රැගෙන උදෑසන 7ට පමණ මානා ඉළුක් තලා මැදින් ලහිරුත්, මමත්, කසුන් මල්ලිත් ගමන් ඇරැඹූවෙමු. සීග්‍ර නැග්මේ තැනින් තැන හමුවූ කුඩා වනරොදවල සෙවණ සොයමින්, ගිමන් හරිමින් ගමන් කළ අපට උදෑසන 10 හෝරාව ආසන්න වන විට ඌරාකන්ද ගුහාවට ළඟාවීමට හැකිවිය. හන්තානේ කඳු මුදුන සිසාරා එන මඳ පවන විඳිමින් උදෑසන ආහාරය ගත් අප හෝරා හමාරකින් අනතුරුව කටුසු කොන්ද තරණය ආරම්භ කළෙමු.

දෙපසේම දැඩි බෑවුම් සහිත ඉතා පටු මාර්ගයේ ගමන රමණීය මෙන්ම මරණීය අත්දැකීමක් ලබාදෙන්නට සමත්විය. දෙතුන් වරක්ම කටුක අත්දැකීම් ලබාදුන්නද ලහිරු, කසුන් මල්ලි හා මා අතර පැවැති මිත්‍රත්වය සහෝදරයත්වයක් තරමට පත්කිරීමට ගමන ඉවහල් වූ බවද කිව යුතුමය. ගමනේ ප්‍රධානම සන්ධිස්ථානය වූ කටුසු කොන්ද දිගේ ගමන් කරමින් නවතිමින් ගතකළ ත්‍රාසය පිරි කාලසීමාව දැනුදු එලෙසින්ම මතකයට නැඟිය හැකිය. කටුසු කොන්ද මත ගමන් කිරීමේදී මනා අවධානයක් ඊට ලබාදිය යුතු වේ. කුඩා වැරැදීමක් ජීවිත හානියක් වීමට තරම් හේතුවිය හැකි වේ. දැඩි සුළං ධාරා සහ බඹර ප්‍රහාර ගැන සැලකිල්ලක් දැක්වීමද යහපත් වේ. වර්ෂා කාලය හා අධික මීදුම් තත්ත්වයන් ගමන් කිරීමට නුසුදුසු සාධක ලෙස සැලකිය යුතුය. කෙසේ නමුදු ගමන අවසානයේ දර්ශනය නම් අතිශයින්ම සුන්දර වේ.

අකිල දහනායක

SendShareShare
Previous Post

බැසිල් නැගෙනහිර ‌මෙහෙයුමක

Next Post

චන්ද්‍රිකා-සජිත් අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.