ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද (05) පස්වරුවේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ පළමුවරට දේශපාලන පක්ෂයක් පිහිටුවා කෙටි කලකින් පාලන බලය ලබා ගත් අවස්ථාව බවට මෙවර මැතිවරණය ඉතිහාසගත වන බව බැසිල් රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
ජනතා අදහස්වලට ගරු කරමින් ගොඩනැගුණු දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය පිහිටුවීමෙන් පසුව ද ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බව ඒ මහතා සදහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
” ලංකාව පුරා අද දහවල්න්ද වනවිට ජන්ද භාවිතය 55% පසුකර තිබෙනවා. සමහර දිස්ත්‍රික්කවල 60% – 70% අතර ඡන්ද ප්‍රකාශ කිරීමක් දක්නට ලැබෙනවා .
මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව විශ්වාසයි. අපි තුනෙන් දෙකේ බලයක් මෙවර මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක තීරණය කරන්නේ ජනතාවයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා යටතේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියන එක විශ්වාසයි.
කොරෝනා උවදුරට මුහුණ දුන්නා වගේම රට හමුවේ ඇති ආර්ථික ප්‍රශ්නයටත් අපි පිහිටුවන රජය මුහුණ දෙන්න සූදානම්. ලෝකයේ දියුණු රටකවත් නැති සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටත්, සෞඛ්‍ය අංශවලටත්, සියලුම ජනතාවටත් ස්තූතිය පුද කරනවා. යැයි ඒ මහතා කීය.












