• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් අරලිය ගහ මැදුරේදී බස්නාහිරට ඉලක්කයක් දෙයි (PHOTOS)

December 21, 2020
in Exclusive
Reading Time: 6 mins read
A A
බැසිල් අරලිය ගහ මැදුරේදී බස්නාහිරට ඉලක්කයක් දෙයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජාතික ආර්ථිකය ගොඩනැගීමට නිෂ්පාදන හා සේවා අපනයනය , ඍජු විදේශ ආයෝජන හා සංචාරක කර්මාන්තය මූලික වන බවත්, ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාතේ සංවර්ධනය රටේ ඉදිරිගමනට ඍජුව දායක වන බවත් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ අද (17) කොළඹ, අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත් රැස්වීමට සහභාගි වෙමිනි.

අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන්වලින් ප්‍රතිලාභ ලබාගැනීමට නම් ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

2021 අයවැය යෝජනා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ අපි ජනතාවගේ අදහස් විවිධ අවස්ථාවල ලබා ගත්තා. ඒ අනුව පිහිටවූ විශේෂඥ කමිටුව හරහා රට හදන සෞභාග්‍යයේ දැක්ම නිර්මාණය කළා. ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා ගමින් ගමට ගියා. ඒ ගම්වල මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ අවශ්‍යතා ඉටුකරන්න පියවර ගෙන තිබෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න රජය සාකච්ඡා කරමින් ඉන්නවා.
කොවිඩ් 19 වසංගතය නිසා ගොඩක් අය හිතාගෙන හිටියා අපි ණය ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටෙයි කියලා නමුත් අපිට හැකි වුණා අපි ලබාගත් ණය කිසිදු හිඟයක් තියාගෙන්නේ නැතුව ගෙවන්න. අපනයන තුළින් ලැබෙන ආදායම පහත වැටුණත් සැප්තැම්බර් වනවිට නැවතත් අපනයන ආදායම වැඩි කරගන්න අපට පුළුවන් වුණා. එම මාසයේ දී ඩොලර් බිලියනයට වඩා අපනයන ආදායමක් ලබාගන්න පුළුවන් වුණා. අපනයනය වැඩිකිරීම තුළින් තමයි අපේ සියලු අවශ්‍යතා ඉටුකර ගන්න පුළුවන් වෙන්නේ. මේ තතත්වය තුළ තමයි අපි 2021 අයවැය ඉදිරිපත් කළේ.

ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා සියල්ල මෙවර අයවැයේ දී හදුනාගෙන තිබෙනවා. හැම ග්‍රාම සේවා වසමකට පෙර පාසලක්, මාතෘ සායනයක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. නව ලොවට ගැලපෙන ලෙස අධ්‍යාපනය වෙනස් කරමින් ගමේ පාසල්වල යටිතල පහසුකම් වර්ධනය වෙනුවෙනුත් අපි මුදල් වෙන්කර තිබෙනවා. ඒ අනුව එක් වසමකට ප්‍රමිතියෙන් යුතු පෙර පාසලක් ඇති කරන්න අපිට පුළුවන් වෙනවා. පාසල්වල විෂය පථය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් කටයුතු කරන්නත් රජය විසින් වැඩපිළිවෙලක් ගෙන යනවා. ජලය, සනීපාරක්ෂක කටයුතු ආදිය සම්පූර්ණ කරන්න මුදල් වෙන්කර තිබෙනවා. ඒ වගේම පාසැල් මූලික කරගත් සෞඛ්‍ය කමිටුවක් පත් කරන්නත් අවධානට යොමු වෙලා තිබෙනවා.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කරන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙන යනවා. ලබන වසර වන විට තුළ ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට භාවිතා කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ග්‍රාමීය මාර්ග සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර තිබෙනවා. මාර්ග සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශාල වෙනසක් වුණා. මෙවරත් කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කරගෙන යනවා.

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටුවලට සහභාගි වීමට ඉඩ ලබාදෙනවා. මෙවර වැඩිම මුදලක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400 ක් පමණ වෙන්කර තිබෙනවා. ඒ අනුව මහජන ක්‍රිඩාපිටි, පාසල් ක්‍රීඩාපිටි ඒ ඒ අංශ සම එකතු වෙලා සංවර්ධනය කරන්න කටයුතු කරනවා. සුළු වාරිමාර්ග යටතේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා.

මේ ව්‍යාපෘතීන් සියල්ල ක්‍රියාත්මක කරනවිට පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. පරිසර හිතකාමී සංවර්ධනයක් ඉටුකිරීම අයවැය යෝජනාවල මූලික වෙලා තිබෙනවා. නාගරික පරිසරය තුළ නාගරික වනෝද්‍යාන ඇති කරන්නත් පියවර ගෙන තිබෙනවා. ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන්කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ අමාත්‍යාංශ කිහිපයක් ගොඩනඟා තිබෙනවා. මේ අයවැයේ මූලිකම අවස්ථාව මේ අයට පුළුවන් ගමේ යෝජනා අනුව අලුත් යෝජනා ඉදිරිපත් කරන්න.

ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්වීම් ඉදිරියේදි පවත්වනවා. ග්‍රාමසේවා වසම් 14021 තුළම මේ රැස්වීම් සංවිධානය කළයුතු වෙනවා. එහිදී ගන්නා යෝජනා ප්‍රමුඛතාගතකොට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන යෝජනාවලට මුල්තැන දෙන්න. පසුගිය කාලයේ අතහැර දැමූ යෝජනා ක්‍රමවලටත් මුල්තැන ලබාදෙන්න. හැම ගමකටම එවැනි ව්‍යාපෘතියක් තෝරාගත යුතුයි.

සෑම ගමකටම කාන්තා ව්‍යවසායිකාවන් දෙදෙනෙක් තෝරාගෙන මෙම වෙළෙදසලක් ලබාදෙන්න පියවර ගන්නවා. ප්‍රධාන පාරක් අභියස එය පිහිටුවනවා නම් හොදයි. මේවා පරිගණක ක්‍රමවේදයක් අනුව මිල ගණන් සිදුකරන්න අවස්ථාව සැලසෙනවා. ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයනවා. සමෘද්ධි ගිණුමෙන්ම ඔවුන්ගේ මුදල් අඩුවන විදියට උපාංගයක් හදා දෙන්න ජනාධිපතිතුමා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට උපදෙස් දී තිබෙනවා. අලුතින් ස්ථාපිත පළාත් පාලන ආයතන සඳහා සම්පත් ලබාදෙන්න තීරණය කර තිබෙනවා.

ඒ වගේම මත් උවදුර මර්දනය කරන්නත් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. භෞතික වශයෙන් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළෑක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කරනවා. පාසල් තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම නැවැත්වීමටත් ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ පුද්ගලයින්ව බන්ධනාගාර ගත නොකර පුනුරුත්තාපනය කිරීම සඳහාත් ක්‍රියාවලියක් සකස් කරලා ඒ සඳහා ග්‍රාමීය කමිටුවලින් සහය ලබාගන්නවා.

බස්නාහිර පළාත කියන්නේ ප්‍රධානම පළාතක්. රටේ ආර්ථිකයත් ඉදිරි ගමනත් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාතෙන්. ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු වෙනවා. අපිට සාර්ථක ගමනක් යන්න පුළුවන් එවිට. ඒකාබද්ධ වැඩපිළිවෙලක් යනවා බස්නාහිර පළාතේ ජල මූලාශ්‍ර රැක ගැනීම සඳහා. ඒ වෙනුවෙන් ආරක්ෂක වන වගාවන් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා.

බස්නාහිර පළාත අකර්මන්‍ය වුණොත් මුළු රටටම බලපානවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනිං එළවළු වෙළඳපොල වැහුවම ඒක මුළු රටටම බලපෑවා. ආයෝජන අවස්ථා පවා ලැබෙන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙනයි. ඒ නිසා බස්නාහිර පළාත තුළ මේ අයවැය යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුයි.

මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බස්නාහිර පළාත නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

SendShareShare
Previous Post

කතරගම-නුවරඑළි-සිරිපාදෙ යනවා නම් සහතිකය අනිවාර්යයි

Next Post

පාර මැද තිබූ මල් පෝච්චියේ බයික් එක හැපී තාත්තයි ටැංකිය උඩ ගිය පුතයි මරුට

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.