කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්ත වීමට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ක්‍රියාකලාපය හේතුවූවාද යන්න සොයා බැලීම සදහා නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදුන් විමර්ශනය මේ වන විට අතරමඟ නතර වී ඇති බව වාර්තා වේ.
අදාළ විමර්ශනය සදහා පත්කළ නිලධාරීන් කිහිපදෙනකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම මේ සදහා හේතුවී තිබේ.
එම නිසා අදාළ විමර්ශනය වෙනත් විමර්ශන ඒකකයකට භාරදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත දැනුම්දී ඇති බවද දැනගන්නට තිබේ.










