සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් ස්වේච්ජාවෙන්ම සිදු කරගනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව මේ වනවිට නිකුත් වී ඇත.
ඒ අනුව එහි දැක්වෙන්නේ ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවය.
පසුගියදා තමන් විසින් PCR පරීක්ෂණයක් කල බව මන්ත්‍රීවරයා තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබූ අතර, පාර්ලිමේන්තුවේදීද මේ ගැන කතාබහක් ඇති විය.
හරීන් ප්‍රනාන්දු මහතාගේ PCR පරීක්ෂණ වාර්තාව පහත දැක්වේ.