වහාම ක්‍රියාක්මක වන පරිදි සතොස සභාපති ධුරයෙන් නුෂාඩ් පෙරේරා ඉවත් කිරීමට වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කටයුතු කොට ඇත.
පසුගියදා සතොස තුළ සිදුවූ බව කියන මහාපරිමාණයේ සීනි වංචාව මුල්කරගෙන් මෙම ඉවත්කිරීම සිදුව ඇති බව පැවසේ.
ජනාධිපතිවරාගේ උපදෙස් මත මෙම ඉවත්කිරීම සිදු කොට ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව සතොස වැඩබලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කර ඇත.











