ඩොලර් මිලියන 40ක වියදමින් ලංකාවේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පියවර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන මහතා ප්‍රතිචාර දක්වා තිබේ.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහේල සදහන් කොට ඇත්තේ ‘මෙරට දැනට තිබෙන ක්‍රීඩා පිටිවල ප්‍රමාණවත් ජාත්‍යන්තර හෝ දේශීය පළමු පෙළ තරග ක්‍රීඩා නොකරන තත්ත්වයක් තුළ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියක් අපට අවශ්‍යද’ කියාය.











