කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළ මූලික අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඇතුළු පාර්ශ්වයන්ට ස්තූතිය පළකරන බව ඉන්දියාවේ අදානි ව්‍යාපාර සමූහය පවසයි.
එහි සභාපතිවරයා වන ගෞතම් අදානි ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව සදහන් කොට ඇත.
මෙම සහයෝගීතාව දෙරට අතර සංකේතයක් වනු ඇති බවද හෙතෙම පෙන්වා දී තිබේ.
ඒ අනුව ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව අදානි ව්‍යාපාර සමූහය පෙන්වා දී ඇත.











