පෝට් සිටිය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත එවා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කරයි.
ඊයේ (05) රාත්‍රියේදී මෙම තීන්දුව කතානායකවරයා වෙත එවා ඇති බව එම ආරංචිමාර්ගවලින් කියවේ.
මීට පෙර මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් වූ දෙදින විවාදය අද (06) සහ හෙට (07) පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නොතිබීම හේතුවෙන් එය ලබන 18,19,20,21 යන දින දක්වා කල්තැබීමට පක්ෂ නායක රැස්වීමේදීී තීරණය කෙරිණ.










