ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ බෑණනුවන් වන හිටපූ පළාත් සභා මන්ත්‍රී තුෂාර පෙරේරා මහතා කොවිඩ් ආසාධිතයෙකු ලෙස හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් පිළියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස දෙකෙන් ඉකුත් 19 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ කොවිඩ් ආසාධිතයින් 400 දෙනෙකු හදුනාගෙන ඇති බවද කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි.
එයින් වැඩිම ආසාධිතයින් පිරිසක් හමුවී ඇත්තේ දැල්තර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ කහපොළ ප්‍රදේශයෙන් බවද වාර්තා වේ.
මේ තත්ත්වය මත පිළියන්දල හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තද අමාත්‍ය ලොකුගේ මහතා මැදිහත් වී යළි පිළියන්දල හුදකලා භාවය අත්හිටුවා තිබිණ.










