හෙට (06) පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප- පොහොට්ටු සාකච්ජාවලට ප්‍රථම තවත් දේශපාලන තුරුම්පුවක් ගැසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත.
ඒ අනුුුුුව ඉදිරි ජනාධිපිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂය අද (05) නිවේදනය කර සිටියේය.
මේ බව ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇති බවක් ද දැනගන්නට ඇත.
ඒ අනුව ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමව සිය පක්ෂය ඒ සදහා අපේක්ෂකයකු ඉිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.