• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොසොන් දා අගමැති බිරිය ගායනා කළ ‘මෙත් මල් පිබිදේවා’ ගීතයේ කවුරුත් ‌නොදත් කතාව…

July 6, 2021
in Exclusive
Reading Time: 7 mins read
A A
ශිරන්ති පොසොන් දවසෙ ‘මෙත් මල් පිබිදේවා’ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පසුගියදා බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ බොදු බැති ගීයක් පිළිබඳ ඇසුණා. මේ ගීතය නමින් “මෙත්මල් පිබිදේවා, සිත් තුළ මෙත් මල් පිබිදේවා… කරුණා ගුණදේවා, සිත්තුළ කරුණා ඉතිරේවා…”

මෙහි මුල් ගායකයා මොරිස් දහනායක මහතායි. සිරිල් ඒ. සීලවිමල මහතා රචනා කළ මේ ගීය සංගීතවත් කළේ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතායි. මේ ගීය අපට වෙන අවුරුදුවල අසන්නට ලැබුණේ වෙසක් දිනට හෝ පොසොන් දිනයට විතරයි.

මේ ගීතය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ හිටපු ජනාධිපති වගේම වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය එය ගායනා කිරීමත් සමගයි. ඇය පොසොන් පොහොය දවසේ කාල්ටන් පෙර පාසලේ ගුරු මණ්ඩලය එකතුකරගෙන මෙම ගීතය ගායනා කර තිබුණා. එහි වීඩියෝව විශාල පිරිසක් නරඹා තිබුණු අතර අග්‍රමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යවල සංසරණය වන බව දැකගන්නට ලැබුණා. ඒ අතර විවිධ විවේචනාත්මක අදහස් රැසක්ද කමෙන්ට්ස්වල පළකර තිබුණා. බොහෝ දෙනා සුබවාදි ඇසින් වගේම අසුබවාදී ඇසින්ද මේ විඩියෝව දැක්කා. මේ ගීතය මේ දිනවල බැති සිතින් වගේම විනෝදයටත් කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වා මුමුණන බවද අපට දැකගන්න පුළුවන්. පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය වගේම ගුවන්විදුලිය, රූපවාහිනිය පමණක් නොව ජාත්‍යන්තර ක්‍රීඩාපිටි, විහාරස්ථාන වගේම මඟ තොටදීද මේ ගීතය බොහෝ දෙනා ගායනා කළා. එය ගයන්න තැනක් නොතැනක් තිබුණේ නැහැ. ගීතය ගායනා කරන්නන්ට ආගම් කුල භේදයක් තිබුණේ නැහැ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ ගීතය ගායනා කරද්දී ඊට තමන්ගේ මුණුබුරන් දෙදෙනාවද සම්බන්ධ කරගෙන තිබුණා. එයත් බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබුණා. ඒ වගේම දුමින්ද සිල්වා හිරගෙදරින් නිදහස් වී පැමිණෙන විඩියෝවක්ද එහි පසුබිමට සම්බන්ධ කළ වීඩයෝද සමාජ මාධ්‍යයට මුදාහැරීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබුණා.

අප මේ ගීතයේ ආරම්භය පිළිබඳ මොරිස් දහනායක මහතාගේ නැගණිය වන පද්මිණි දහනායක මහත්මියගෙන් විමසීමක් කළා. මොරිස් දහනායක මහතා මේ වන විට ජීවිතය හැර ගිහින්. ඔහු 2013 වසරේදී දිවි ගමනින් සමුගෙන ගියා.

මොරිස් දහනායක

“අයියා ජීවතුන් අතර ඉන්නකොට ඒ කාලේ මෙත් මල් පිබිදේවා ගීතය හැම පෝයටම ගායනා කළා. වගේම ලයිව් පෙන්නුවා. මේ ගීතය වෙසක් උත්සවය සඳහා තමයි මුලින්ම ගායනා කළේ. අපි පෝයට බලාගෙන ඉන්නවා අයියාගේ මේ සින්දුව ඇහෙනකන්, ඒ කාලේ හරියට මේ ගීතය ප්‍රසිද්ධ වුණා. අයියාගේ ගීත අතරින් ඔන්න ඕලු මලක් විල් දිය මත පාවෙලා, සුදෝ පොඩ්ඩක් අඬන්න, මෙත් මල් පිබිදේවා කියන ගීත ප්‍රසිද්ධ වුණා. අයියා ගොඩාක් සාමය පිළිබඳ ගීත තමයි ගායනා කළේ. ඒ ගීත අපේ හදවත් තුළ රැව් පිළිරැව් දෙනවා. අයියා 2006 වසරේ කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් සහ කොරියානු සාම තානාපති සම්මානයෙන් පිදුම් ලැබුවා.
අයියාට පුතාලා දෙදෙනෙක් සිටිනවා. චන්න දහනායක සහ සංජීව දහනායක ඒ දෙන්නා.

අයියාගේ ගීතයක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගායනා කරනවා දැක්කාම මොනවද හිතුණේ ?
“ශිරන්ති මහත්මිය ගායනා කිරීමෙන් මේ ගීතය අලුත් වුණා. මොකද පැරණි ගීතයක් නිසා මිනිස්සුන්ට අමතක වෙලා තිබුණත්, යළි මතකයට නැඟුණා. අපිට අයියව තමයි මතක් වුණේ, අවුරුදු ගානක් ගියත් මේ ගීතය නාකි වෙන්නේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ.
මේ ගීතය තව පරම්පරා ගණනක් ගායනා කරයි. දැන් ඉන්න පොඩි, පොඩි පැටවුත් ගායනා කරනවා. ඇත්තෙන්ම මේ ගීතය ගැන සතුටක් දැනෙනවා. කාලෝචිත ගීතයක් මේක” යනුවෙන් ඇය පැවසුවා.

මේ ගීතයේ පද රචනා කළ සිරිල් ඒ. සීලවිමල මහතාද අද වන විට අප අතර නැහැ. 2010 වර්ෂයේදී තමයි ඔහු සමුගත්තේ. සිය පියා රචනා කළ මේ ගීතය ගැන, සිරිල් ඒ. සීලවිමල මහතාගේ පුත් උදිත අබේනායක මහතාගෙන් අප අදහස් විමසුවා.

සිරිල් ඒ සීලවිමල

“මේ ගීතය ලිව්වේ හැත්තෑව දශකයේ මුල්භාගයේදියි. මොහිදින් මහත්තයාගේ ගුවන්විදුලි සරල ගී වැඩසටහනකට තමයි ලියලා දීලා තියෙන්නේ, ඒ වගේම මොරිස් දහනායක මහත්තයාට ලියලා දුන්න තව ගීතයක් තිබ්බා “සුදෝ පොඩ්ඩක් අඩන්නකෝ” කියලා. ඊට අමතරව අනෙකුත් ගායකයන් සඳහා “මොහෙන් මුලාවෙලා”, ළිඳෙන් වතුර බීලා”, “ජන්ම භූමි වන්දනා”, “හොඳ සිරියාවයි ආකාසේ”, “දෝතින් දෝතයි” වගේ ගීත සඳහන් කරන්න පුළුවන්. චිත්‍රපට ගීත 45කට වැඩි ප්‍රමාණයක් ලියලා තියෙනවා. තාත්තා රැකියාව වශයෙන් කළේ පුවත්පත් රැකියාවයි. ඊට අමතරව තමයි ගීත රචනා කළේ, ප්‍රධාන කර්තෘවරයෙක් ලෙස ‘රිවිරැස’ සහ ‘දවස’ පුවත්පත්වල සේවය කළා. තාත්තා හරිම සරල පුද්ගලයෙක්. වැඩියෙන්ම ගීත ලිව්වේ මිනිසුන්ගේ ජීවිත හැඩගස්වාගන්නයි”.

තාත්තාගේ ගීතයක් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගායනා කරනකොට ඔබට දැනුණේ මොනවාද?

ශිරන්ති රාජපක්ෂ මහත්මිය කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඒ මහත්මිය කිව්ව පළමුවැනි ගීතයට තාත්තාගේ ගීතයක් තෝරගත්තු එක ගැන සතුටුයි. මම, අයියා, නංගි සහ අම්මා යන සියලු දෙනාම සතුටු වෙනවා මේ ගීතය තෝරාගත්තු එක ගැන. මේ ගීතය තාත්තා රචනා කළා කියලා මිනිස්සු අතරට ගියාම සතුටක් දැනෙනවා. ගොඩාක් අය තාත්තා එය ලිව්වා කියලා දන්නේ නැහැ”යනුවෙන් ඔහු පවසා සිටියා.

‘මෙත් මල් පිබිදේවා’ ගීතයේ අරුත වනුයේ ගමනාන්තයක් නොදැන අප යන මේ සසර ගමනේ මිනිසුන්ගේ ගුණධර්ම වගාකර, එකිනෙකා සමග සමගියෙන් සමාදානයෙන් යුතුව ජීවත් විය යුතු බවයි. මිනිසුන්ගේ හදවත නමැති උයනේ ආදරය කරුණාව යන මල් පිපේවා. දුක් කම්කටොලු විඳින මිනිසුන් කෙරෙහි දයානුකම්පාව යොමුකිරීමත් ගීත රචකයාගේ පරමාර්ථයක්.

සෑම හදවතක්ම තණ්හාවෙන්, රාගයෙන්, වෛරයෙන් හා කෝපයෙන් නිදහස් වේවා. මේ මුළු ලෝකයම නොදැනුවත්කමින් හා අහංකාරකමින් තොර ස්ථානයක් වේවා යන අරුතද ගීත රචක සිරිල් ඒ. සීලවිමල මහතා ගීතයට එක්කොට තිබෙනවා.
මේ ගීතයෙන් කියා දෙන්නේ එකිනෙකා කෙරෙහි උදව් උපකාර කිරීමේ වටිනාකමයි. මේ සියලු ලෝවැසියන්ටම සොරකම්, අසත්‍ය, සැකය හා බිය තැනක් දකින්න නොලැබේවා. ජනතාවට මනස පාලනය කිරීමේ වගකීම වගේම දේශයට ආදරය කිරීම සාමය සමගිය පිළිබඳ හැඟීමක් පහළවේවා යන්න ගීතයෙන් කියැවෙනවා.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ පැතුමද එය වන්නට ඇත. අප රටේ මිනිසුන් මේ කාලය ගතකරන්නේ මහා ව්‍යසනයක් සමග ගැටෙමිනුයි. ඒ අනුව බැලූ කල මේ ගීතය කාලෝචිත වූවක්.

මොරිස් දහනායක මහතාගේ ගීත ඇසෙන, වෙසක් පොසොන් තොරන් ඉදිවන, පහන් කූඩු රට පුරා හැදෙන, නිදහසේ මේ සිරිය දකින්න ඇවිදින්න වගේම, සතුට විඳින්න හැකි දවසක් උදාවනතුරු අප සැවොම පරෙස්සම් වී බලා සිටිමු. අපි අපේ සමාජ වගකීම ඉටුකරමු. කොරෝනාව දුරලමු.

බුදුරජාණන් වහන්සේ දෙසූ නිර්මල ධර්මය හැකි ඉක්මනින් අවබෝධ වේවා.
ගමනාන්තයක් නොදැන හැල්මේ දුවන මේ නිරර්ථක ගමනේදී ඔබ හැමගේ සිත්වල මෙත්මල් පිපේවා යනු අපගේ ද පැතුමයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!

Next Post

මහින්ද පොහොට්ටුවේ සැලුන් දොර අරී! ඕන කෙනෙකුට යන්නත් පුළුවන්… එන්නත් පුලුවන්…!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.