තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරට ලක්වූ 14 වියැති සිසුවාගේ මොළයේ ලේ කැටියක් සිරවී තිබීම හේතුවෙන් දෙවන සැත්කමද ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේදී හිසෙහි එක් සැත්කමක් සිදු කොට තිබුණද පසුව මොළයේ යළිත් වතාවක් ලේ ගැලීමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ හේතුවෙන් කරාපිටි රෝහලේ වෛද්‍යවරුන් සිසුවාගේ ජීවිතය බේරාගැනීම සදහා දෙවන සැත්කමද සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.










