• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

පොලිස් වෙඩිල්ලෙන් මැරුණු ගොනාකෝවිලේ රාජාගේ පැටිකිරිය මෙන්න

June 15, 2020
in CID, Exclusive
Reading Time: 1 min read
A A
පොලිස් වෙඩිල්ලෙන් මැරුණු ගොනාකෝවිලේ රාජාගේ පැටිකිරිය මෙන්න
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස දිවුරුම් දෙන විට මළ පහ වූයේ පාතාලයේ සාමාජිකයින්ටය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී පාතාලයට එරෙහිව ඔහු දියත් කළ මෙහෙයුම් ගැන හොඳ හැටි අවබෝධයක් ඒ අයට තිබුණු බැවිනි. ඒ නිසාම බොහෝ පාතාල අපරාධකරුවන් පන්සල්, පල්ලි, කෝවිල්වලට යමින් රටේ ඉන්න හොඳම පුරවැසියන් බවට පත්වන්නට උත්සාහ ගත්තේය. එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව ගෙවී ගිය මාස කිහිපය තුළ ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේදී ඔහුගේ භූමිකාවෙන් දසමයක්වත් සමාජය හමුවේ පිළිබිඹු නොවීය.
නිදා සිටි සර්පයා ඇහැරෙන්නාක් මෙන් ගෝඨාභය නම් වූ නාමයට පවා බිය වී සිටි පාතාල අපරාධකරුවන් නැවත අළු ගසා නැඟිටින්නට ගත්තේය. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ රත්මලානේ කුඩු අංජුය. ඔහු මේ වන විට සිය බිරිඳ සහ දරුවන් සමඟ ජීවත් වන්නේ ඩුබායිවලය. ඔහු වැඩ පෙන්නන්නට ගත්තේ ඩුබායි සිටය. වැඩි ශබ්දයක් නොමැතිව අංජු සිය පාතාල කටයුතු ඩුබායි සිට පසුගිය කාලය තුළ කරගෙන ගියත් රටටම පේන්න වැඩ පෙන්වන්නට ගන්නේ පසුගිය මැයි මාසයේදී ඔහුට කප්පම් නොගෙවූ ව්‍යාපාරිකයකුට අයත් රත්මලානේ පිහිටි හෝටලයකට වෙඩි තබමිනි. ‘ටී-56’ අවියකින් එම හෝටලයට වෙඩි තබන්නේද පොලිස් නිලධාරීන් තිදෙනෙක් එම හෝටලයේ ආරක්ෂාවට යොදවා සිටියදීමය. එසේ එම හෝටලයට සන්නද්ධ ආරක්ෂාවක් යොදවන්නට පවා පොලිස් බලධාරීන් වග බලා ගන්නේ ඊට පෙරද හෝටලයට මැර ප්‍රහාරයක් එල්ලවී තිබුණු බැවිනි. එසේ පොලිස් ආරක්ෂාවක් තිබියදී කිසිදු බියක් නොමැතිව එම ප්‍රහාරය එල්ල කරන්නට තරම් හයියක් අංජුගේ ගෝලයන්ට ලැබෙන්නේ වෙන කිසිවක් නිසා නොව, ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි තමන්ට එරෙහිව පත්තු නොවන බවට අංජු යම් පොරොන්දුවක් සිය ගෝලයින්ට ලබාදී තිබුණු නිසා බව දැන් පැහැදිලිය. අංජුගේ කුඩු සල්ලිවලට එවැනි හපන්කම් කරන්නට හැකියාවක් ඇතැයි අංජුගේ ගෝලයන් දැන සිටි නිසා ඒ අයද බියක් නොමැතිව පොලීසිය බලා සිටියදී හෝටලයට වෙඩි තැබූ බව දැන් දන්නෝ දනිති.
අංජුගේ කුඩු සල්ලිවලට දැන් කරන්නට බැරි දෙයක් නැති තරම්ය. ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් කුඩු සල්ලි උඩ පිනුම් ගසයි. ඒ සල්ලිවලින් මිටියක් දෙකක් ඔහු නීතිය කරවන අයට පවා විසිකරයි. ඒ සිය ගෝලබාලයින්ගේ ආරක්ෂාව වෙනුවෙනි. අංජුගේ ගෝලයින්ට නියපොත්තක තරමින්වත් හානියක් පොලීසියකින් සිදුවී නැත්තේ ඒ නිසාය. පසුගිය කාලය පුරාවටම සිදුවූයේ විවිධ අපරාධ චෝදනාවලට අංජුගේ ගෝලබාලයින් පොලීසිය අල්ලා ගත්තා නොව, ඒ අය අංජුගේ උපදෙස් මත පොලීසියට භාරවීමකි. ඒ සියල්ල චිත්‍රපට ජවනිකාවක් රූගත කිරීමක් බඳු රඟපෑමකි. එහෙත් දැන් එය සිදුවනවායැයි තවමත් කියන්නට කල් වැඩිය.
කෙසේ වෙතත් පසුගිය සතිය ආරම්භයේදීම අපට අසන්නට ලැබෙන්නේ මෙම ආණ්ඩුව සමයේදී සිදුවන පළමු පාතාල ඝාතනයයි. ඒ පාතාල කල්ලි අතර සිදුවූ ඝාතනයක් නොව, පාතාලයේ අපරාධකරුවෙක් පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වීමයි. ඝාතනයට ලක්වන්නේ අංජුගේ සමීපතම ගෝලයෙක් වන ගොනාකෝවිලේ රාජාය. පතිරණලාගේ රාජා විමලධර්ම නැමැති එම පාතාල අපරාධකරු පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේ මිනුවන්ගොඩ බල්ලපානේ පිහිටි පාළු ඉඩමක් මැද පිහිටි අතහැර දැමූ නිවෙසකදීය. ඒ ඉකුත් 06 වෙනිදා මධ්‍යම රාත්‍රි කාලයේදී සිදුවන පොලිස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි.
පොලීසිය පැත්තෙන් කියැවෙන කරුණු කාරණාවලට අනුව ගොනා කෝවිලේ රාජා යනු අංජුගේ වෙඩික්කරුවාය. එසේම රත්මලානේ හෝටලයට වෙඩි තබා ඇත්තේද ඔහුය. එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාට වෙඩි තබා ඇත්තේද ඔහුය. තවත් බොහෝ කථා ඔහු ගැන කියන්නේ අංජුවද සම්බන්ධ කරගෙනය.
පොලීසිය සඳහන් කරන ආකාරයට අනුව ගොනා කෝවිලේ රාජා බල්ලපානේ සැඟවී සිටින බවට තොරතුරු ලැබී ඇත්තේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරියෙකුටය. ඒ අනුව ඔහුව කොටුකර ගැනීමට මෙහෙයුමක් දියත්කර ඇත්තේ බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ එවකට බස්නාහිර උතුරු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයැවීමෙනි. පොලීසිය පැත්තෙන් කියැවෙන්නේ එදා රෑ ඔහුව අත්අඩංගුවට ගැනීමට නිවෙස වටකළ අවස්ථාවේදී ඔහු පොලීසිය දෙසට වෙඩි තැබූ බවය. ඊට ප්‍රති ප්‍රහාරයක් පොලීසිය පැත්තෙන්ද එල්ල වී තිබේ. එම ප්‍රතිප්‍රහාරයෙන් රාජා වෙඩි වැදී තුවාල ලබා ඇත. ඒ මොහොතේම එම තුවාලකරුව ළඟම ඇති දිවුලපිටිය රෝහල වෙත රැගෙන යන්නේ ඔහුගේ ජීවිතය රැක ගන්නටය. එහෙත් ඒ යන විටත් ඔහු සිටින්නේ මිය ගොසිනි.
ගොනා කෝවිලේ රාජා වසය අවුරුදු 50 ක පමණ වූ පුද්ගලයෙකි. ඔහු අංජුගේ මවටත් වඩා වැඩිමහල්ය. ඔහු නිතරම සිට ඇත්තේ අංජුලාගේ ගෙදරය. ඒ කාලයේ අංජුලා පොඩි කොල්ලන්ය. අංජුට පාතාලයේ අතපොත් තැබීමට අතහිත ලැබෙන්නේද රාජාගෙනි. අංජු වෙනුවෙන් රාජා කර ඇති අපරාධ මෙතෙකයැයි කියන්නට බැරිය. අංජුගේ කුඩු ජාලය මුල්කාලයේ මෙහෙයැවූයේද රාජාය. අංජු වෙනුවෙන් රත්මලානේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් රැස් කළේත් රාජාය. ඒ අද ඊයේ නොව, කලකට පෙරය. අංජුගේ කල්ලියේ රාජා අවලංගු කාසියක් බවට පත්වන්නේ 2018 වසරේ සිදුවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියාගේ ඝාතනයත් සමඟිනි. ඝාතකයන් ඉලක්කය වෙත රැගෙන යන්නේ ඔහුය. එම ඝාතනයෙන් පසු අංජු තමාගේ සමීපතම ගෝලයින් දෙදෙනාව ඩුබායි රටට පන්නා ගත්තේය. ඒ එක් අයෙක් වන්නේ අංජුගේ පාතාල ආර්ථිකයේ කළමනාකරු ලෙස කටයුතු කළ ධර්මේවය. අදටත් අංජුගේ සියළුම පාතාල කටයුතු ඩුබායි සිට මෙහෙයවන්නේ ධර්මේය. ඩුබායි පන්නාගත් අනෙකා වන්නේ රාජාය.
රාජාට වැඩි කාලයක් අංජු සමඟ හිත හොඳින් කල්ගෙවන්නට ඉඩක් නොවීය. දිනක් ඔහු බමන මතින් අංජුගේ ගෙදර සම්බන්ධයෙන් අනවශ්‍ය කතාවක් කීවේය. ඒ ධර්මේ සමගිනි. එය අංජුගේ කණ වැකීමට එතරම් කාලයක් ගත නොවීය. එය පුපුරා යන්නේ රාජාට මරණ වරෙන්තුව ලියැවෙමිනි. ඒ නිසාම රාජාට තවදුරටත් ඩුබායිහි රැඳී සිටීමට ඉඩක් නොවීය. එබැවින් ඔහු ඉන්දියාවට පැන ගත්තේ ජීවිතාරක්ෂාව පතාය. අනතුරුව ඔහු මෙරටට එන්නේ බෝට්ටුවක නැගීය. ඒ එන අතරතුරේදී පවා ඔහුව කපා කොටා ඝාතනය කිරීමට අංජු කණ්ඩායමක් යොදවා තිබුණේය. එහෙත් ඒ ගැන කල්තියා රාජා දැන සිටි බැවින් ඔහු ජීවිතය රැකගෙන මෙරටට පය තබා පොලීසියෙන් වෙඩි කනකම් ආරක්ෂා වී සිටියේය. කෙසේ වෙතත් අවසානයේදී රාජු මරුමුවට පත්වන්නේ නම් අංජුගේ ගෝලයෙක් ලෙස ලේබලයක්ද සහිතවය.
වත්මන් ආණ්ඩුවේ පළමු වෙඩිල්ල පාතාලයට එරෙහිව එසේ පත්තුවීමත් සමඟ මුළු පාතාලයම හෙලවී යන්නේ තමන් දෙසටත් දැන් පොලිස් ගිනි අවිය එල්ලවනු ඇතැයි බියට පත්වය. පාතාලයේ බොහෝ දෙනෙකු දැන් සිටින්නේ ඔවුන් උන් හිටි තැන්වලින්ද අතුරුදන්වය. වෙනදාට නම් ඔවුන් රටේත් සිටින්නේ නැත. ‘කොවිඞ්-19’ හේතුවෙන් දැන් ඒ අයට රටින් පළායන්නටද විදිහක් නැත. ඒ නිසාම ඇතැම් පාතාල අපරාධකරුවන් සිය ජංගම දුරකතන පවා දැන් තබාගෙන සිටින්නේ විසන්ධිකොටය.
දිවයින පුරා පොලිස් ස්ථාන මට්ටමින් තම පොලිස් වසම්වල සිටින පාතාල සාමාජිකයින්ගේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ සවිස්තර ලේඛනයක් සකස්කර ඇත්තේ මෙවන් වටාපිටාවක් තුළය. ඒ සියලු ලේඛන මේ වන විටත් අවශ්‍ය තැන්වලට පොලිස් ස්ථාන මට්ටමින් යොමුකර හමාරය. එසේම එම පාතාලයේ සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ දේශපාලන සම්බන්ධකම්ද ඊට ඇතුළත් කරන්නට පොලීසිය අමතක කර නැත.
ඒ අතර බුද්ධි අංශ විසින්ද පාතාල අපරාධකරුවන් පෙළ ගැස්සවීමක් කර ඇත්තේ ඒ එක් එක් පාතාල කල්ලි විසින් කර ඇති අපරාධ ලැයිස්තුවක්ද සමග ජාලගත කරමිනි. ඒ අය සම්බන්ධකම් පවත්වන පොලිස් නිලධාරීන් ගැන මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ගැනද ගෝලබාලයින්ගේ පැටිකිරියද ඊට අයත්ය. ඒ ලැයිස්තුවේ හිටි හැටියේම කෝටිපතියන් වූ පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ වතගොතද ඇතුළත්ය. ඒ අතර බන්ධනාගාර අධිකාරිවරයෙක් සිටීමද විශේෂිතය. එම බන්ධනාගාර අධිකාරිවරයා තමාට එරෙහි වූ ජේලර්වරයෙක්ව පවා පාතාලය යොදා ඝාතනය කර ඇති බව පැහැදිලිවම බුද්ධි අංශ පෙන්වා දී තිබේ. එම බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහිව නීතිය මෙතෙක් ක්‍රියාත්මක වී නැත්තේ ඔහුට ඇති දේශපාලන බලපුළුවන්කාරකම නිසා බවද බුද්ධි අංශ සිය වාර්තාවල ඇතුළත්කර හමාරය. හෙට අනිද්දා වන විට එම වාර්තාව රටේ ඉහළම බලධාරියා අතට පත්වනු ඇත. දූෂිත නොවන බන්ධනාගාර නිලධාරීන්ගේ පැතුම වී ඇත්තේ දේශපාලන හයියෙන් මෙතෙක් කලක් සෙසු නිලධාරීන්ගේ ජීවිතවලටද තර්ජනයක් වී සිටින එම බන්ධනාගාර නිලධාරින් ඇතුළු දූෂිත බන්ධනාගාර නිලධාරීන්ටද එම වාර්තාව පදනම් කරගෙන නීතිය ක්‍රියාත්මක වනු ඇති බවය.
විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවද වෙනසකට ලක්වන්නේ මේ අතරතුරදීය. ඒ පාතාලය සහ මත්කුඩු ජාවාරම මැඩලීමේ රජයේ වැඩ පිළිවෙල මුල්කරගෙනය. විශේෂ කාර්ය බළකායේ අලු‍ත් ලොක්කා වන්නේ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාය. බස්නාහිර පළාත් උතුර කොට්ඨාසයේ සිට ඔහු විශේෂ කාර්ය බළකා ප්‍රධානියා ලෙස පත්වන්නේ ලොකු බලාපොරොත්තුවක්ද ඇතිවය. ඒ ඔහු ඊට පෙර විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් හා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පාතාල මර්දනයට කළ දැවැන්ත කාර්ය භාරයට වඩා වැඩි කොටසක් ඉටුකර ගැනීම වෙනුවෙනි. රටේ ඉදිරි තරුණ පරම්පරාවේ ප්‍රගමනය තීරණය වන්නේ විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියාගේ හැකියාව සහ දක්ෂකම මුල්කරගෙනය. ඒ සඳහා දැනටමත් ඔහුට අවශ්‍ය බලය මෙන්ම පහසුකම්ද බලධාරීන් ලබාදී හමරාය. නීතීඥයෙක්ද වන ඔහුට දැන් තිබෙන්නේ වැඩ පෙන්වන්නටය.
බන්ධනාගාරයේ මුල් පුටුවද වෙනසකට ලක්වන්නේද පාතාලයට සහ මත්කුඩු ජාවාරමට එරෙහි සටනේ තවත් එක් අංගයක් ලෙසිනි. බන්ධනාගාර මුල්පුටුවේ රැඳී සිටි පරිපාලන නිලධාරියා වෙනුවෙට දැන් ඒ තනතුරට පත්කර ඇත්තේ බන්ධනාගාර සේවයේම සිටින තරුණ නායකත්වයකි. ඔහු උපුල්දෙණියයි. ඔහු යකෙකුටවත් බය නැති නිලධාරියෙකි. ඔහුට ඇති අභියෝග සුළුපටු නැත. මුලින්ම ඔහුට කරන්නට ඇත්තේ දූෂිත නිලධාරීන් හඳුනාගෙන ඒ අය යහමගට ගැනීමය. නැති නම් ඒ අයට නිසි නායකත්වයක් දීමය. මෙතෙක් කලක් සිදුවූයේ නිසි නායකත්වයක් නොමැතිකමින් බන්ධනාගාර පද්ධතියම වල්මත්ව තිබීමය. උපුල්දෙණිය බන්ධනාගාරයේ ලොකු පුටුවේ අසුන් ගැනීමත් සමග ඔහුගේ මුල්ම කාර්ය වන්නේ දරුණු අපරාධකරුවන් සාමාන්‍ය සිරකරුවන්ගෙන් වෙන් කිරීමට සැලසුමක් සකස් කිරීමය. එසේම රැඳවියන්ට ජංගම දුරකතන භාවිතා කිරීමට තිත තබන්නටද මේ වන විටත් ඔහු යම් වැඩ පිළිවෙළක් සකස්කර හමාරය. ඒ ඉහළම දේශපාලන ආශිර්වාදයක් ඇතිවය. බලධාරීන් විශ්වාස කරන්නේ බන්ධානාගර පද්ධතිය තුළ විනයක් සකස්කර ජංගම දුරකතන භාවිතයට තිත තබන්නට හැකි නම් බන්ධනාගාරයෙන් පිටත සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මත්කුඩු ජාවාරම සියයට 90 ක් පමණ පාලනය කළ හැකි බවය. අද වන විට අපරාධකරුවන්ගේ සුරක්ෂිත මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ බන්ධනාගාරයයි. මෙරට මත්කුඩු ජාලයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවන්නේ බන්ධනාගාර පද්ධතිය තුළ රැඳී සිටින සිරකරුවන්ය. ඒ අය අතර මරණීය දණ්ඩනයෙන් පවා දඬුවම් ලබා සිටින සිරකරුවෝද සිටිති. ඒ නිසාම මරණීය දණ්ඩනයට සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටින සිරකරුවන් මඩකළපුව පැත්තේ දූපතක පිහිටි බන්ධනාගාරයකට රැගෙන යෑමේ සැලසුමක්ද මේ වන විට ක්‍රියාත්මකය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

සිරිසේනට පාඩමක් උගන්වන්න ආණ්ඩුව සූදානම් වෙයි: ගෙවල් 3 ගැනත් හොයයි

Next Post

දෙකොන පත්තුවෙන විලක්කුවක් නිවපු හැටි සජිත් මතක් කරයි (VIDEO)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.