පාසල් ළමුන් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත් කරනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ,පාසල් ළමුන් පරීක්ෂා කළ යුත්තේ, මත්ද්‍රව්‍ය සම්බන්ධ නිශ්චිත තොරතුරක් ඇත්නම් පමණක් බවට පොලිස්පතිවරයා උපදෙස් ලබාදුන් බවයි.
නිකරුණේ පාසල් ළමුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙස ද පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.
එසේම මෙම පරීක්ෂා කිරීමේ දී වීඩියෝගත කිරීමෙන් වළකින ලෙස ද,මාර්ගවල දී පාසල් සිසුන් පරීක්ෂා කිරීමෙන් වළකින ලෙසට ද පොලිස්පතිවරයා නියෝග කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.










