විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද (02) හෙට (03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ එම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔසුසැල් විවෘතව තැබීමට රජය තීරණය කර ඇති බවයි.
මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අදාළ ස්ථාන කරා රැගෙන යාම සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදා තිබේ.










