ඉකුත් මහමැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව හෙට (08) දිනයේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව හෙට දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතතන හිමියන් අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.
ඒ සදහා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස සැලකෙන සමන් පෙරේරා මහතාද සහභාගී වීමට නියමිතව ඇත.










