කොටි මහවිරු දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු බිත්තියේ එල්.ටී.ටී.ඊ. පුෂ්පය හෙවත් නියගලා මල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සිය අප්‍රසාදය බ්‍රිතාන්‍ය රජය වෙත රාජ්‍යතාන්ත්‍රික ආකාරයට දැනුම් දී ඇත.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට (08) දිනයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හූල්ටන් මහත්මිය මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද නියමිතය.
මීට පෙර මහකොමසාරිස් කාර්යාලය ඒ පිළිබදව පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කිරීමට පවා පියවර ගෙන තිබිණ.










