ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියයාමත් සමග නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට කොරෝනා ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ මෙතෙක් සිදුව ඇති මරණ ප්‍රමාණය හා ආසාදිත සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇත.
මේ වන විටත් නව කොරෝනා ප්‍රභේදය සමස්ත බ්‍රිතාන්‍ය පුරාම ව්‍යාප්තව ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍යයේ සීඝ්‍රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
පෙර ප්‍රභේදය හා සසදන විට 30%ත් 70%ත් අතර ප්‍රමාණයකට වඩා මෙය මාරාන්තික බව විදෙස් වාර්තා අනාවරණය කර තිබේ.
ඒ අනුව, මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි.
කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව 3,583,900කට අධිකය.










