පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වාර්තාව පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත භාරදීමෙන් පසු අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙසටය.










