ගොබ් ඉරිදාවට අදාළ පළමු දේව මෙහෙය සඳහා සහභාගිවීමට ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයකට පැමිණි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද එම වාර්තා සඳහන් කරයි.
තුවාල ලබා ඇත්තේ ඉරිදා දේව මෙහෙය සඳහා පැමිණ ඇති බැතිමතුන් පිරිසක් සහ දේවස්ථානයේ සේවකයින් බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.










