• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් සභා එපා: ආණ්ඩුව ගේන්න කැපවූ හිමිවරුන්ගෙන් ජනපතිට සැර ලියුමක්

March 30, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පළාත් සභා එපා: ආණ්ඩුව ගේන්න කැපවූ හිමිවරුන්ගෙන් ජනපතිට සැර ලියුමක්
Share on WhatsAppShare on Facebook

මේ මොහොතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා කැප වූ ප‍්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිත දන්වා තිබේ.

උන්වහන්සේලා විසින් මේ බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපිය මෙසේය.

අතිගරු ජනාධිපතිතුමා සහ සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත.

පළාත්සභා මැතිවරණය කඩිනම් කිරීමේ දේශපාලන වරද පිළිබඳව

පසුගිය දිනවල ඔබතුමා විසින් පළාත්සභා මැතිවරණය වහා පැවැත්විය යතු බව පැවසීම පිළිබඳව අප සැම විමතියට පත්වූයෙමු. නමුත් අප එම ප්‍රකාශය විග්‍රහ කරනු ලැබුවේ ඒ වන විට පැවැත්වීමට නියමිතව තිබූ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් කරනු ලැබූ උපක්‍රමික දේශපාලන ප්‍රකාශයක් ලෙසය. එසේ වුවත් එම ප්‍රකාශය මගින් ඉන්දියාවේ තීරණය වෙනස් නොවූ බව දැන් පැහැදිලිය. ඊට අමතරව ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් නොවීම පිළිබඳව අපගේ අප්‍රසාදය ඉන්දියානු රජයට ප්‍රකාශ කළ යුතු බව අපගේ පිළිගැනීමයි

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැලකී සිටින අතර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සහ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට බලපෑම් සහගත ප්‍රකාශ නිකුත් කිරීම ද අපි දැඩි ලෙස හෙළා දකිමු. එය ඉතා පැහැදිලිවම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන තීන්දු තීරණ වලට ඇඟිලි ගැසීමක් මිස අන් යමක් නොවේ.

ඔබතුමා විසින් රටට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මගින් මහජනයාට ලබා දුන් ප්‍රධාන පොරොන්දුව වූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම නිසා මහජනයා තුළ අනාගතය පිළිබඳව ඉමහත් බලාපොරොත්තු ජනිත විය. ඊට අමතරව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනු ලැබූ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ඔබතුමා විසින් තව දුරටත් තහවුරු කරන ලදි. ඒ අනුව මහජන අපේක්ෂා අනුව සහ ඔබතුමා විසින් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුව අනුව නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවය දිය යුතු බව ඔබතුමා පිළිගන්නවා ඇත.

ඒ අනුව පහත සඳහන් හේතු මත නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය කල් දමන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

01. මහජන අපේක්ෂා අනුව නව ව්‍යවස්ථාව මගින් පළාත්සභා ව්‍යුහය තුළ සහ බලතල පිළිබඳව වෙනස්කම් සිදුවීම සඳහා ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත. එම නිසා නව පළාත්සභා පිහිටුවිය යුත්තේ එම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සහ ඊට අදාළ නව නීතිමය රාමුවකට අනුවය. එවැනි තත්වයක් තිබියදී පැරණි පළාත්සභා ක්‍රමය නැවත ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැක.

02. නව ව්‍යවස්ථාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වා එම මහජන අපේක්ෂාවට පිටුපාමින් පළාත්සභා මැතිවරණය පැවැත්වුවද මහජනතාවගේ ‍දෙවන අපේක්ෂාව වන මනාප ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා නව පළාත්සභා පනතක් අවශ්‍යවේ. එම නව පනත කළබලකාරී ලෙස සම්මත කිරීමට උත්සාහ කළහොත් සීමා නීර්ණයන් පිළිබඳ බරපතල ගැටළු ඇතිවිය හැකි අතර ජාතිවාදී සහ ආගම්වාදී ලෙස කොට්ඨාශ බෙදීමේ අනතුරක්ද මතුවේ. එවැනි තත්වයක් තුල පැරණි ක්‍රමය යටතේ පැරණි පනත සංශෝධනය කොට මැතිවරණය පැවැත්වීමද මහජන අපේක්ෂා වලට පිටුපෑමකි. එම නිසා ව්‍යවස්ථාවක් සම්මත කිරීමෙන් පසුව බිහිවන පළාත්සභා හෝ වෙනත් සභාවක ව්‍යුහය සහ බලතල අනුව නව පනතක් සකස් කිරීම වඩා තර්කානුකූල වේ.

03. කෝවිඩ් වසංගත තත්වය තවදුරටත් පවතින තත්වයක් යටතේ සහ භයානක තුන්වන රැල්ලක් මතු වීමේ අවධානමක් තිබියදී අත්‍යවශ්‍ය නොවන මැතිවරණයක් දේශපාන උවමනාවක් මත පැවැත්වීම මගින් පවතින ආණ්ඩුව මහජන අප්‍රසාදයට පත්විය හැක.

04. පළාත්සභා මැතිවරණය කල් දැමීම සිදු වූයේ පසුගිය ආණ්ඩුුව සමයේ දීය. එම නිසා මැතිවරණ කල් දැමීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවට චෝදනා කිරීමට හැකියාවක් නැත. එවැනි තත්වයක් තුළ මැතිවරණ කල් දැමීම නැමති චෝදනාවට බිය වී කළබලකාරී ලෙස මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරනය කළ නොහැක.

05. පසගිය වසර තුනක කාලය තුළ පළාත්සභා නොමැතිවීම පිළිබඳව කිසිදු මහජන උද්ඝෝෂණයක් පැන නැඟුනේ නැත. එ් නිසා එම මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කරනතෙක් කල් දැමීම පිළිබඳව කිසිදු මහජන විරෝධයක් පැන නැඟීමට ඉඩක් නැත.

06. රට ආර්ථික අර්බුදයක ගිලී පවතින තත්වයක් තුළ ආර්ථිකය උද්දීපනය කිරීම සහ මහජනයාට ආර්ථික ඉඩ ප්‍රස්ථා වර්ධනය කිරීම සඳහා රාජ්‍ය මුදල් වැඩි වශයෙන් යෙදවීම වැදගත්වේ. එවැනි අවස්ථාවක පළාත්සභා මැතිවරණය පැවැත්වීම සඳහා වැය කළ යුතු රු. කෝටි 500ක පමණ මුදල ඒ සඳහා වන හදිසි රාජ්‍ය පිරිවැය දැරීම සඳහා යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.

මෙම කරුණු සියල්ල පිළිබඳව සහ පොදු මහජන අපේක්ෂා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් සම්මත කරනතෙක් පළාත්සභා මැතිවරණය පැවැත්වීම කල් දමන ලෙස නැවත වතාවක් ඔබතුමාවෙත අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මේ වගට,

  1. පුජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි
  2. පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
  3. පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනාහිමි
  4. පූජ්‍ය කිරම විමලජෝති හිමි
  5. මහාචාර්ය පූජ්‍ය ඉත්තැදෙමලියේ ඉන්දසර හිමි
  6. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
  7. මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන හිමි
  8. පුජ්‍ය හෑගොඩ විපස්සි හිමි
  9. පූජ්‍ය වැලිමිටියාවේ ඥානරතන හිමි
  10. ආචාර්ය කපුගොල්ලෑව ආනන්ද කිත්ති හිමි
SendShareShare
Previous Post

බඩ ඉරිඟු මිලදී ගන්න ක්‍රිස්බ්‍රෝ සමාගමෙන් රුපියල් බිලියන 2ක්

Next Post

වීරවිල තරුණයෙකුටත් පොලිසිය බිම දාගෙන පහර දීලා

MORE NEWS

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

මාතලේ රත්තොට ආසනයෙහි සමගි ජන බලවේගයේ කාර්යාලයක් විවෘත කිරීමට මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය කටයුතු කොට ඇත. Sri Lanka Latest News...

Read more
උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.