• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළමු ‌කොරෝනා සිරුර පිච්චූ ‌කොටිකාවත්තේ ‌සොහොන්පල්ලා ‘මව්රටට’ කතාකරයි

April 7, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
පළමු ‌කොරෝනා සිරුර පිච්චූ ‌කොටිකාවත්තේ ‌සොහොන්පල්ලා ‘මව්රටට’ කතාකරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රෝගියාගේ මරණයත් සමග මෙතෙක් කතා නොකළ බොහෝ කරුණු කාරණා කතාබහට එකතු විය. බොහෝ වීරයන් ගැන අපි කතා කළෙමු. ඇත්තටම මේ වෙලාවේ හැබෑ වීරයන් බොහෝ තැන්වල මුණ ගැසුණේය. සමහර වීරයෝ මාධ්‍ය සංදර්ශන ඔස්සේ. ජාති ආගම් කුල භේද සහ දේශපාලනය කරපින්නාගෙන නාඩගම් දකිමින් සිටිති. ඒ අතර කරදරය අමතක කරවීමේ සහ වෙන වෙන ඒවා මතක් කිරීමේ උවමනාවද මතු වෙමින් තිබේ. සමහර අය ටීවී නාලිකාවල හඬා වැටෙන්නේ තමන්ගේම වැරදිවලට සමාජජාලවල එන විවේචන නිසා බව අපිට නම් නොතේරෙන්නේ නොවේ. නමුත් මේ වෙලාවේ සංදර්ශනවලින් ඔබ්බට ගිය හැබෑ වීරයෝ අපි නොදන්නා තැන්වල වෙහෙසමින් සිටිති. ඔවුහු සිය ජීවිත අවදානමත් පවුලක් මුහුණදෙන අවදානමත් නොසලකා හරිමින් සිය සේවය ඉටුකරති. කාර් පර්මිට් සැප පහසුකම් නැති මේ මිනිසුන් ගැන බොහෝ අය කතා කරන්නේ නැත. ලෙඩක් දුකක් හැදුණ විට සාමාන්‍ය තැනකින් බේත් ටිකක් ගෙන පුංචි පහේ ජීවිතය ගතකරන මේ මිනිසුන්ට ඇත්තටම මේ ලෙඩ දුක්බර වැඩිය. නමුත් ඔවුන් කිසිවිටෙකත් මැසිවිලි කියන්නේ නැත. එනිසාම සැබෑ වීරයන් මේ මිනිස්සුය. අපි මේ අවස්ථාවේ ඔවුන් සොයා ගියෙමු. මේ කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේ එදා පළමු කොරෝනා රෝගියාගේ අවසන් කටයුතු සඳහා සහභාගි වූ එක් සේවක මහත්තයෙකු සමග ‘මව්රට’ අපි කළ කතා බහයි.
එදා ඔයා ආදාහනාගාර වැඩ කළාද?
ඔව්. එදා මට යන්න වුණා.
මොකක්ද ඒ වෙලාවෙ හිතුණෙ?
මොනවත් විශේෂ දෙයක් හිතුණෙ නෑ. අනික ඉතිං මේ වෙලාවෙ අපි කරන්නෙ රටට සේවයක්නෙ.
මේ කොරෝනා ලෙඩෙක්ගේ මළ සිරුර කියලා දැනගෙන හිටියද?
ඔව්. අපි ඒක දැනගෙන හිටියා.
බයක් හිතුණෙ නැද්ද.
නෑ. බයවෙන්න දෙයක් නෑ. කොහොමත් දැන් අපිට බය දැනෙන්නෙ නෑ.
කුණු එක්ක ඉඳලා අපිට දැන් ඕවා දැනෙන්නෙ නැතුව ගිහිල්ලා.
ඔයාලට මේ වැඬේ පටන් ගන්න කලින් මොකක් හරි විශේෂ දැනුවත් කිරීමක් වුණාද?
ඔව්. දොස්තර මහත්තුරු ඇවිල්ලා අපිට ලෙක්චර් එකක් වගේ එකක් දුන්නා. මේ ලෙඬේ ගැන, මේ ලෙඬේ බෝ වෙන හැටි, ඒ වගේම මේ ලෙඬේට අදාළ විෂබීජ ගැන කියලා දුන්නා. ඒ විෂබීජය කොච්චර වෙලා තියෙන්න පුළුවන්ද කියලත් කිව්වා. ඒ කියන්නේ ඒ වැඬේට කලින් අපිට කියන්ඩ ඕනේ ඒවා ඔක්කොම ටික කිව්වා.
එතකොට ඒ ඇඳුම් අත් මේස් සහ මුහුණු ආවරණ කොහෙන්ද හම්බුණේ?
ඒවත් අපිට ඒගොල්ලොම ගෙනල්ලා දුන්නා හැබැයි වැඩ ඔක්කොම ඉවර වෙලා අපිට ඒ ඇඳුම් ඔක්කොම පුච්චන්න කියලා කිව්වා. අපි ඒවා ඔක්කොම ඇතුළට දාල පිච්චුවා. ඒ අපිට මහත්තුරු කියපු විදියට.
අනිත් ඇඳුම් හොඳට අව්වෙ දැම්මා. අව්වට විසබීජ විනාශ වෙනවා කියලා මහත්තුරු අපිට කිව්වා.
ඒ ගෙදර අය ආවද?
ඔව් මම හිතන්නෙ එක්කෙනෙක් ආවා. එයා ඇවිල්ලා අපිත් එක්කත් කතා කළා. මොනවද වෙන්න ඕන කියලා ඇහුවා. අපි කිව්වා මොනවවත් අපිට වෙන්න දෙයක් නෑ කියලා. පෙට්ටිය ඇතුළට දාලා ඊට පස්සෙ මොනවද කළේ.
අපි අපේ ඇඳුම්වලට එළියෙන් ඇඳපු ඒවත් දාලා පිච්චුවනෙ. ඊට පස්සෙ අපිට විෂබීජ නාශක ඉස්සා ඇඟට අතපය ඔක්කොටම. ඊට පස්සෙ අපි හොඳට නෑවා සාමාන්‍ය විදියට.
අර මළ සිරුරෙ අළු ගත්තද?
මේ අලුවල නම් විෂබීජයක් නෑ කියලා තමයි කිව්වෙ. මොකද මේ විෂබීජෙ සාමාන්‍ය උෂ්ණත්වයටත් විනාශ වෙනවලුනෙ. ආදාහනාගාරෙ සෙල්සියස් අංශක දාහකට විතර රත්වෙනවනෙ. හැබැයි අළු ගත්තද නැද්ද කියන්න අපි දන්නෙ නෑ.
ගෙවල්වල අය මොනව ද කියන්නෙ?
එයාලා ඉතිං මොනවා කියන්නද? අපි හම්බ කරගත්තොත්නෙ අපි ජීවත් වෙන්නෙ මහත්තයො අපිත් අසරණයිනෙ මේ වෙලාවෙ. රටත් අසරණයි, අපිත් අසරණයි.
ඔයාලට මේකට විශේෂ ගෙවීමක් කළාද?
නෑ. අපි රාජ්‍ය සේවකයොනෙ.
ඉස්සරහටත් මේ විදියෙ අවදානමක් ගන්න ලෑස්තිද?
ඔව් ඉතිං මොනවා කරන්නද නේද? මේක අපේ රස්සාවනෙ. ඒක අපිට කරන්න වෙනවා. මේ වෙලාවෙ කියලා නෑ.
ඔහු කතාව නතර කරන්නේ “අදත් වැඩ” කියාගෙනය. සියල්ලෝම නිවෙස්වල ආරක්ෂිත වන විට ඔවුන් සිය රාජකාරියේය. නමුත් මේ අයට සීතල කාමර යාන වාහන සැප සම්පත් නැත. ඔවුන් සිය සේවය කර අරින්නේද නැත. ඔහුගේ නම ගම හෝ වෙනත් නිෂ්චිත තොරතුරු හෙළි නොකරන්නේ මේ සමාජය ගැන අපි දන්නා නිසාය. නමුත් කොටිකාවත්ත මුල්ලේරියාව ආදාහනාගාරයේ සේවක මහත්වරුනි. ඔබට අපේ උත්තමාචාරය!

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කොරෝනා අස්සේ ලංකාව ලෝකෙට ‌තේ විකුණපු අලුත්ම ක්‍රමේ

Next Post

අමෙරිකානු ඒජන්සියක් එක්ක ‌’‌නේවි’ එක මුහුද මැද ගහපු ‌කෝටි ප්‍රකෝටි ‌ගේම

MORE NEWS

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

Load More
Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සජිත් සහ රාහුල් එකම ගේමකද? 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ රජයට ගෝල්ෆේස්හි ආරම්භ වූ ‘ගෝඨා ගෝ හෝම්’ ජනතා අරගලය සිහිගන්වමින් ඉන්දියාවේද...

Read more
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.