පවතින අර්බදුකාරී වාතාවරණය මත ඉතිහාසයේ පළමු වතාවට ඩිජිටල් ක්‍රමයට තේ වෙන්දේසි කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය.
දැනට රටේ පවතින හදිසි තත්ත්වය හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගන යාම සඳහා අපි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝගය වන තේ නිෂ්පාදන වෙන්දේසි කිරීම අඛණ්ඩව සිදුකළෙමු. නමුත් බොහෝ පිරිසක් එක් ස්ථානයකට රැස්වී සිදුවන මෙම ක්‍රියාවලිය මගින් රජය විසින් ස්ථාපනය කර ඇති කොරෝනා මර්දන ආරක්ෂක පිළිවෙත්වල සාර්ථකත්වයට බලපෑමක් එල්ල විය හැකිය. ඒ සඳහා පිළියමක් ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයාගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් තාක්ෂණය යොදාගත් තේ වෙන්දේසිය පසුගිය 4 වැනිදා පැවැත්විණි.
කොරෝනා ව්‍යසනය හමුවේ ආරක්ෂාකාරී ලෙස දුරස්ථව මෙහෙයවනු ලැබූ මෙම ක්‍රියාවලිය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාගේ උත්සාහය මම අගය කරමි.











