• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පශ්චාත් ආපදා කළමනාකරණයේ තියෙන ලොකු දුර්වලතාවයක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී පෙන්වා දෙයි! බිම් මට්ටමට විහිදී යන කාර්යක්ෂම අලුත් යාන්ත්‍රණයක් හදන්න! ව්‍යසන කළමනාකරණ පනත වෙනස් කරන්න! ශක්තිමත් ආපදා කළමනාකරණ ව්‍යුහයක් හදන්න! නැවත වරක් ආදායම් වියදම් සමීක්ෂණයක් කරන්න! ජාත්‍යන්තර ආධාර සමුලුවක් සංවිධාන කරන්න කිව්වාම ‘අනේ ප්ලීස් එපා’ කිව්වා වගේ මේකත් විහිලුවකට ගන්න එපා! අඩුම තරමේ මේ ගැනවත් ධනාත්මකව හිතන්න! VIDEO I Sri Lanka Latest News

December 18, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදාවක් ගෙන බලන විට ආපදාවට පෙර, ආපදාව තුළ සහ ඉන් පසු සිදුවන අධීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලිය යන අංශ තුළින් මේ ආපදා කළමනාකරණය ගැන කතා කළ යුතු බවත් මේ අවස්ථාවේ තමා ඉදිරිපත් කරන කරුණු කාරණා ධනාත්මකව බාර ගන්නා ලෙස රජයෙන් ඉල්ල සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

අප රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අති දුර්වල බවත් මේ යාන්ත්‍රණය වෙනස් කර අලුත් යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් ඒ සදහා ව්‍යවසන කළමනාකරණ පනත වෙනස් කර ශක්තිමත් මධ්‍ය යාන්ත්‍රණයක් තුළින් ආයතන ඇති කර බිම් මට්ටමට විහිදී යන කාර්යක්ෂම යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් අද වන විට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය කටයුතු කරන්නේ සම්බන්ධීකාරක ආයතනයක් ලෙස නිසා එය ප්‍රමාණවත් නොවන නිසා ආපදාවට සෘජුවම මුහුණ දිය හැකි ශක්තිමත් ආයතනවලින් සමන්විත ආපදා කළමනාකරණ ව්‍යුහයක් ඇති කර වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන ලෙසත් එය ප්‍රමුඛතම අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කරන ලෙසට ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ආපදා කළමනාකරණ සහ දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

නවීන තාක්ෂණය හා උපකරණවලින් මේ යාන්ත්‍රණය ශක්තිමත් කර නිර්මාණය වන ආයතනවල ශක්ති සම්පන්න භාවය තහවුරු කර භෞතික හා මානව සම්පත් උපරිම ලෙස ලබා දී ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා පතල් කාර්යාංශය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ශක්තිමත් කර ඩොප්ලර් රේඩාර් ක්‍රමය ඇති කළ යුතු බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ හදිසි මුහුණ දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඉන්දියාවේ පවා මෙවැනි ක්‍රමයක් ඇති කර ආපදාවලට නිසි පරිදි මුහුණ දිය හැකි බවත් අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට විශේෂිත පුහුණු ලබා දී මේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරිමට ග්‍රාමීයව හා ප්‍රාදේශියව යොදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවත වරක් ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දත්ත ලබා ගන්න

එසේම ආපදා දත්ත නොමැති නිසා දත්ත කේන්ද්‍රීයව විශේෂයෙන් සිතියම්ගත කිරිම් දත්ත මත කටයුතු කිරීම ආදිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවත් අලුතින්ම අප රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාවට එල්ල වූ බලපෑම ගැන සිතිය යුතු බවත් මේ කරුණු විද්‍යාත්මකව ක්‍රියාත්මක කළ යුතු බවත් ආපදාවට පත් වූ ජනතාවට ලබා දෙන සහන විධිමත්ව ලබා දිය යුතු බවත් හෙට දිනයේ සම්මත කරන පරිපූරක ඇස්තමේන්තුවට පූර්ණ සහයෝගය ලබා දෙන විපක්ෂ නායකවරයා පැවසීය.

ආපදා සහන දෙන්න රාජය නිලදාරීන්ගේ නිර්දේශය පමණක් ප්‍රමාණවත්

බදුල්ල දිස්ත්‍රික්කයේ ගෙවල් පිරිසුදු කරන රු. 25000 අනුමත කරන චක්‍ර ලේඛය සදහා රජයේ නිලධාරීන්ට අමතරව ප්‍රජා සංවර්ධන සභාවේ සභාපතිවරයාගේ නිර්දේශ ඉල්ලා සිටින බවත් එය ජවිපේ සමිතියක් නිසා මේ සමිතිවල නිර්දේශ රජයේ මුදල් ලබා ගන්න අවශ්‍ය නොවන බවත් තහඩුවක් ගැලවිලා ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වත් මේවා දේශපාලනීකරණය වී ඇති බවත් විපතත් සමග දේශපාලනය නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නැවත වරක් අවදානම් ප්‍රදේශවලට ජනතාව යොමු කරන්න එපා

අවදානම් ප්‍රදේශවල නැවත පදිංචි කිරිම ගැන කතා කරන විට බොහෝ පැතිවල කදවුරු ඉවත් කර හිටපු තැන්වලට අවදානම් නොතකා නැවත ජනතාව යොමු කරන බවත් මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගම කන්ද නායගිය පසු එම ජනතාව අලකොලමඩ විද්‍යාලයේ සිටියත් නැවතත් අවදානම තිබියදී ඔවුන් ගම්වලට යොමු කර ඇති බවත් පාසල් විවෘත කරනවා සේම ජනතාවගේ ජිවිත ගැනත් රජය සිතිය යුතු බවත් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම මිනිසා විසින්ම නිර්මාණය කළ මහා ඛේදවාචක නිසා බරපතල නායයෑම් සිදුවූ බවත් දොඩංගස්ලන්ද ඉකිරිවත්ත බල ප්‍රදේශයේ ගොම්මුන්නා කදු පන්තියේ තිබූ ගල් කොරිවලට ජනතාව විරුද්ධ වුවත් අද ඒ ගල්කොරි නිසා නායගිය බවත් ගමේ ජනතාව මේ ගල් කොරිවලට විරුද්ධ වුවත් අදටත් ඒ නඩු යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආපදාවලට මුහුන දෙන්න නව කණ්ඩායමක් පුහුණු කළ යුතුයි

විශේෂ බලකායක් ප්‍රාදේශිය මට්ටමින් ඇති කර විධිමත් පුහුණුවක් දිය යුතු බවත් මේ අවස්ථාවේ පාඩම් ඉගෙන ගෙන ජාතික ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ගැන හොද හැකියාවක් ඇති පුහුණු කණ්ඩායම් ඇති මධ්‍යස්ථානයක් බවට අප රට පත් කළ යුතු බවත් ඊට අමතරව ආපදාවලට ලක් වූ අයගේ අයිතිය ආරක්ෂා කළ යුතු බවත් ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් ඒ උදෙසා ආපදාවට ලක් වූ වින්දිතයන්ගේ සියලු අයිතිය සාක්ෂාත් කිරිමට සමගි ජන බලවේගය නිතිඥ කණ්ඩායමක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිනවා

ක්ෂ්‍රද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් කෘෂිකර්මාන්තය ධීවර හා අනෙකුත් කර්මාන්ත බරපතල අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් ස්වයං රැකියා කර පුංචි මිනිසාගේ ව්‍යාපාර ජන ජීවිත විනාශ වී ඇති බවත් මොවුන්ගේ ජන ජීවිත සුරකිනවා සේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන දිය යුතු බවත් ගොවියාට අහිමි වූ දේ නැවත ලබා දී ගොවියා ශක්තිමත් කර ආහාර සුරක්ෂිතභාවය තහවුරු කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවට මාධය තහනම් කරන්න එපා

අද වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට මාධ්‍ය තහනම් බවත් කාර්යාලයට සීමා කර ඇති බවත් මේවා සැගවීම නොකළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටවල් වසා සත්‍ය වසං නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි නැවතත් හුස්ම ක්‍රියාත්මක කළා

පශ්චාත් සුළි කුණාටු සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට සමගි ජන බලවේගය සොයා ගත් තොරතුරු අනුව ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් වි.වි. 2002-2019 අතර රටවල් 9ක කළ සුළි කුණාටු 217ක් මරණ ලක්ෂ 150ක විශ්ලේෂණයක් අනුව සුළි කුණාටුව තුළ ඇතිවන ජිවිත හානියට වඩා සුළි කුණාටුවෙන් පසු පළමු සති 4 ජීවිත හානි සිදුවන බවට පෙන්වා දි ඇති නිසා සමගි ජන බලවේගය විසින් සමගි ජන සන්ධානය විසින් විපතට පත් බල ප්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්න හුස්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමෙරිකානු බද්ද අඩු කර ගන්නත් අයි. එම්. එෆ් කොන්දේසි ලිහිල් කරන්නත් කටයුතු කරන්න

මේ කුණාටුවට මුහුන දුන් ජනතාවට විශාල බලපෑමක් වූ බවත් එය ඔවුන්ගේ මානසිකත්වයට බලපෑ ඇති නිසා සෞඛ්‍ය අංශ විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට අමතරව මේ ව්‍යවසනය තුළ රජය අයිඑම්එෆ් එකෙන් ඇ. ඩොලර් මිලියන 200ක් ඉල්ලා සිටින බවත් 15 ඒ මීටිම තබා ඇති බවත් මේ තත්ත්වය ගැන දැනුවත් කරන ලෙසත් ඊට අමතරව අයි. එම්.එෆ් එක සමග කතා කර මේ ගිවිසුම වෙනස් කරන ලෙසට ඉල්ලා සිටින බවත් ලෝක බැංකුව ඇ. ඩොලර් මිලියන 120ක් වෙන් කර ඇති බවට වාර්තා වන බවත් මේවා පවතින ව්‍යාපෘතිවලින් වෙන් කළ මුදල් බවත් මෙවැනි දෙයක් කරන්නට පෙර ලෝක බැංකුව ක්‍රියාත්මක කරන පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියක් ඇති නිසා අලුත් අරමුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඇමෙරිකානු බද්ද තව අඩු කර ගැනීමට මේ අවස්ථාවේ කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආපදා අස්සේ බෙහෙත් මාෆියාවට ඉඩ තියන්න එපා

මේ ව්‍යවසනය තුළ රට ශක්තිමත් කර කාර්යක්ෂම කර නිවැරදි ක්‍රියාදාම ක්‍රියාත්මක විය යුතු අවස්ථාවක නැවත වරක් බාල බෙහෙත් මාෆියාවට රජ වෙන්න දිය නොහැකි බවත් මේ වන විට රෝගීන් 2ක් වමනය හා ක්ලාන්තය පාලනයට දෙන බෙහෙත් විසවීම හා ප්‍රමිතිය අඩුවීම නිසා මිය ගොස් ඇති බවත් මේ දේ සිදු වූයේ බාල එන්නත් නිසාද මේවාට වගකිව යුතු අය කවුද කියා ඉදිරිපත් කරන ලෙසත් මේ මාෆියාව තවදුරටත් රට ආක්‍රමණය කිරිමට දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව බේරා ගන්න කටයුතු කළ සියලු දෙනා රටේ වීරයන් වනු ඇත

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාව බේරා ගන්න කටයුතු කළ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු රාජ්‍ය නිලධාරින්, සෞඛ්‍ය නිලධාරින්, බිම්මට්ටමේ ජනතාව සහ ස්වේච්ඡා කණ්ඩායම් සහ පුද්ගලයන්ට සිය ස්තූතිය පුදකර සිටින බවත් මේ සියලු දෙනා ජීවිත බේරා ගත් රටේ විරුවන් ලෙස හඳුන්වන බවත් මේ අවස්ථාවේ අප රටට දේශීය හා විදේශිය වශයෙන් ආධාර උපකාර කළ පුද්ගලයන් රටවල් සංවිධාන ආදී සියලු දෙනාට ගෞරවය සහ ප්‍රණාමය පුදකරන බවත් තවතවත් උදව් කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

තවත් මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙඩක් දාගෙන! ආධාර බෙදන්න යද්දී ගිය කතාබහකට ග්‍රාමසේවකට ගහලා! පොලිසිය ගිහින් මන්ත්‍රීව අත්අඩංගුවට අරන්! Sri Lanka Latest News

Next Post

පක්ෂය ඇතුළේ ලොකු කචල් එකක්! ජීවන් තොණ්ඩමන් ඉල්ලා අස්වෙන්න තීරණය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.