මේ දිනවල දුම්රිය තුළ සිදුවන මංකොල්ලකෑම් ඉහළ ගොස් ඇති අතර පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දුම්රිය තුළ දී කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශ දැනුවත් කර ඔවුන්ගේ ද සහාය ඇතිව කඩිනම් ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය දුම්රිය සාමානාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සඳහන් කළේය.