අනවසර ඉදිකිරීමක් ලෙස හදුන්වමින් ඉකුත් ද කඩාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති C. සත්ගුණරාසා මහතා කටයුතු කොට ඇත.
ඒ අනුව අද (11) පෙරවරුවේ ඊට යළි මුල්ගල තබා ඇති ඇති අතර, ඒ සමගම සිසුන් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවාසයද අත්හිටුවීමට පියවර ගෙන ඇත.
අද අලුයම 3.00ට පමණ උපවාසයේ නිරතව සිටි පිරිසට උපකුලපතිවරයා කැඳ ලබාදී එම උපවාසය අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ස්මාරකය කඩා බිද දැමීමට එරෙහිව අද දිනයේ යාපනයේ හර්තාල් සහ තමිල්නාඩුවේ විරෝධයක්ද පැවැත්වීමට සංවිධාන කොට තිබුණි.
එම ස්මාරකය දැමුවේ අනවසරයෙන් විශ්වවිද්‍යාලය භූමියේ කළ ඉදිකිරීමක් හේතුවෙන් බව මීට පෙර රජයේ නියෝජිතයින් අදහස් දක්වා සිටියේය.










