කොරෝනා ආසාදිතව සිටි රවුෆ් හකීම් මහතා සමග පාර්ලිමේන්තුවේදී කතාබහක නිරතව සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක සහ තලතා අතුකෝරල මන්ත්‍රීවරුන්ගේ පීසීආර් ප්‍රතිපල මේ වනවිට නිකුත් වී තිබේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාම ආසාදිතයන් නොවන බව තහවුරුව ඇත.
සීසීටීවී දර්ශනවලට අනුව හකීම් මහතා සමග වැඩිවේලාවක් සාකච්ජා කරමින් සිට ඇත්තේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාය.










