• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුදු ඇතා පිටින් ඇවිත් නෙල්ලිගල නැවතුණු සමන් දෙවි රජ්ජුරුවෝ

January 11, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
සුදු ඇතා පිටින් ඇවිත් නෙල්ලිගල නැවතුණු සමන් දෙවි රජ්ජුරුවෝ
Share on WhatsAppShare on Facebook

නෙල්ලිගල දන්නවද? සමහර විට ඔබ ඒ පුදබිමට ගිහිල්ලා තියෙනවා ඇති. සමහර විට ඔබ අහලා තියෙනවා. තවත් සමහර විටක ඔබ මේ නෙල්ලිගල පුදබිම ඈතින් දැකලා ඇති. ඒත් මේ ලිපිය පටන් ගන්න ඉසව්වේදී මම ඔබෙන් පුංචි දෙයක් ඉල්ලනවා. ඒ තමයි, මේ කරදර කාලෙ ඉවර වෙච්ච දවසක පුළුවන් නම්, මේ කන්ද නඟින්න. ඒක ඔබට ජීවිතයේ කිසිම දවසක අමතක නොවෙන තාලෙ නැවුම්ම නැවුම් අත්දැකීමක් වේවි. මේ කියන්නෙ ලෝකයේ වෙන කිසිම පුදබිමක මේ නැවුම් බව නැහැ කියන එක නෙවෙයි. ඒත් මේ නෙල්ලිගල පුදබිමට යන ඕනෑම කෙනෙකුට ජීවිතේ කිසිදාක නොවිඳි අත්දැකීමක පහස ලැබෙනවා. ඔබ මේ වචනවලින් එපිටට මේ අත්දැකීම හොයාගෙන යන්න. මේ පුදබිම ඉදිවෙලා වසර කිහිපයක් වුණත් අද වෙනකොට නෙල්ලිගල පුදබිම මුළු රටේම ප්‍රකට තැනක් බවට පත්වෙලා. ඒ පූජනීය බව විඳිනා අතර සොබාදහමෙ ආදරය හොයාගන්න. ඈත කඳු මුදුන්වල පුංචි පුංචි ගේදොර අස්සන හුළං රැළි ඔබව පිළිගනීවි. එකිනෙක නිවෙන නුවර පහන් එළි ඔබට පෙනේවි. රාත්‍රිය අහවර කරලා හෙමින් සැරේ බතලේගල පැත්තට යන හඳට පිටුපාලා හිටගන්න. එතකොට සමහරවිට යාන්තමට මල්තුහින වැටේවි. හැබැයි හඳ නිවෙන කොට ඉර පිපෙනවා. හන්තානයට ඉහළ අහසෙ මුලින්ම ඉර එන මඟ හැදෙනවා. වළාකුළු වියන් යහන් දළදා පෙරහැරේ බස්නායක නිළමෙ වගේ ඉර බර අඩි තියමින් එනවා. ඈතින් ඇහෙන ඝන්ඨා, ගැටබෙර හඬට, තවිල් බෙර හඬක් කළවන් වෙනවා. නෙල්ලිගලට අලුත් දවසක් අරගෙන ඉර එනවා. මේ ඉර පායන හැටි ඔබට දකින්න ලැබෙන විශේෂිතම ඉසව්වක්.
නෙල්ලිගල කඳු මුදුනේ මේ විදියට විහාරස්ථානයක් ඉදිවීමේ ඉතිහාසය ඒ තරම්ම දුර නැහැ. නෙල්ලිගල නායක හාමුදුරුවොම කියන විදියට ඒ කාලෙ අවුරුදු හයක් විතර. අවුරුදු හයක් ඇතුළෙ මේ පුදබිම ඉදිවෙලා තියෙනවා. අද වෙනකොට මේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෝකය පුරාම ප්‍රචලිතයි. දහස් ගණන් මිනිස්සු මේ බිමට එනවා යනවා. බොහෝ දෙනෙක් ඇවිත් යන්නෙ හිත ඈත කඳු පන්ති අතරෙ නතර කරලා. කඳු මුදුනෙ මීදුම් හීතලත් එක්ක නතර කරලා. වෙහෙර බිමේ රත්තරන් පාට සාමළුවෙ නතර කරලා. සෑය වටකරලා හදපු හංස පේළිය අතරෙ නතර කරලා. හැබැයි මේ අකුරු අතරෙ ඔබේ හිත නතර කරන්න ඔබට සිද්ධ වෙන්නෙ නෙල්ලිගල වෙහෙර බිමේදී මුණගැහෙන මේ එකම එක දෙයක්වත් නිසා නෙවෙයි. ඒ නෙල්ලිගලට වැඩම කළ සුමනසමන් දෙව් රජු නිසා.
මේ ලිපියත් එක්ක අමුණපු පින්තූර නිසා, ඔබට මේ ලිපියෙ සමහර කොටස් ගැන තේරුම් බේරුම් වෙන්ඩ ඇති. ඒත් ඔබට මම මේ කියන කාරණය මුසාවාදාවක් නොවන බව පිළිගන්න. මේ සාක්‍ෂිය ප්‍රමාණවත් නැතිවේවි. වතුරකුඹුරේ ධම්මරතන හිමි මේ ගැන දක්වපු අදහසුත් එක්ක, මේ අසිරිමත් වෙහෙර බිමේ විචිත්‍ර බව ඔබේ දෑස් මානෙට ගෙනාවොත් සමහර විට ඔබ මේ කියන කාරණය විශ්වාස කරන්න පුළුවන් වේවි.

ඔබ දන්නවා සුමනසමන් දෙවියන්ගේ ආරාධනාවක් පිට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සිරිපා සටහන තැබූ බව. ඒ සිරිපා සටහන ගැන කියැවෙන්නෙ සිව්පෙළක විතරයි උන්වහන්සේගේ පා සටහන තියලා තියෙන්නෙ. ඒ අතරින් එක් ස්ථානයක් වෙන්නෙ සිරීපාද කන්ද. අද වෙනකොට මේ සිරිපාද කන්ද ගැන ඔබ අපි බොහෝ දේ දන්නවා. වළාකුල් වියන් අතරින් අහසට පැන නැඟලා ඒ කඳු මුදුන වඳින්න වැළනොකැඩී යන බැතිමතුන්ගෙන් කාලෙකට සිරිපා මළුව පිරිලා ඉතිරිලා යනවා. අදත් සිරිපා මළුවට යනෙන අයට පාර කියන පහන් වැට හැන්දෑවට සමනල කන්ද දිගේ රත්රන් පාට ඉරක් වගේ පේන්න පටන් ගන්නවා. ඒ කඳු මුදුන සහ නෙල්ලිගල අතරෙ කියන්න තරමේ ඍජු සබඳතාවක් නැහැ. ඒත් දැන් මෙතැන් සිට නෙල්ලිගල පුදබිම සහ මේ සිරිපාදස්ථානය අතර සබඳතාවක් නිර්මාණය වෙනවා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි සමන් දෙවියන් නෙල්ලිගල පුදබිමට වැඩමවීමත් එක්ක. කොහොමටත් නෙල්ලිගල පුදබිමට ඈත සමන්තකූඨය දර්ශනය වෙනවා. ඒ නිසා සමස්ත කඳු පර්වතයේ සිට බලන කෙනෙක්ට ඈතින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දැකබලා ගන්න පුළුවන්. නායක හාමුදුරුවො කියන විදියට සිරිපාද කන්දට නෙල්ලිගල වෙහෙර බිම තමයි හොඳින්ම දර්ශනය වන වෙහෙර බිම. ඒ නිසාමද කොහෙද මේ වෙහෙර බිමේ විශාල සමන් දෙව් ප්‍රතිමාවක් නිර්මාණය කරන්න මේ අය කටයුතු යොදලා තියෙනවා.

කොහොම නමුත් නෙල්ලිගල පුදබිමේ හදන විශාල සමන්දෙවි ප්‍රතිමාව ඉතාම විශේෂ එකක් බවට පත්වෙනවා. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. මේ සමන්දෙවි ප්‍රතිමාව විශේෂයි කියන එකට ඔබට එහෙම හිතෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේකෙ තියෙන පෙනුම. අපි මොනවා කිව්වත්, මොනවා ලිව්වත් ඔබට මේ සමන්දෙවි ප්‍රතිමාව දැක්කට පස්සේ හිතට දැනෙන හැඟීම අතිශය සුවිශේෂී එකක් කියලා අපි දන්නවා. ඒ සුවිශේෂී වීමට හේතු මොනවද කියලා අපිට නිශ්චිතව සදහන් කරන්න බැහැ. සමහරවිට ඔබටත් ඒක නිශ්චිතව සඳහන් කරන්න බැරි වේවි. මොකද මේ පිළිමයේ බාහිර පෙනුමේ ඉඳලම ඒ විශේෂිත බව තියෙනවා. හරියට දැනෙන්නේ ඈත සමන්තකූඨ පර්වතයේ ඉඳලා අහසින් වැඩම කරපු සමන් දෙවියෝ තමන්ගේ සුදු ඇත් වාහනෙන්ම නෙල්ලිගල කන්ද මුදුනට බැහැලා වගේ.
ඈත මීදුම් පටල අතරේ පෙනිලා නොපෙනිලා යන සමන්තකූඨ පර්වතය පසුබිම් කරගෙන මේ ඓතිහාසික සමන්දෙවි ප්‍රතිමාව අදත් ඔබට දකින්නට පුළුවන්. ඈත කඳු පන්ති අතර හීන් මීදුම් සළු එහෙට මෙහෙට හෙළවෙන අතරේ නිල් පැහැයෙන් මතු වෙන ඈත කඳුමුදුන් පසුබිම් කරගෙන සුදුම සුදු ඇත් රුවක් මත සමන් දෙවියෝ වැඩ වාසය කරන බව අපිට පේනවා. ඒ රූපයේ තියෙන්නේ පුදුමාකාර විදියේ ජීවමාන ගතියක්. අදහන්න බැරි තරමේ ස්වාභාවික ගතියක්. විශ්වාස කරන්න බැරි තරමේ පූජනීය ගතියක්. සාමාන්‍යයෙන් සමන් දෙවියන්ගේ රූප මේ විදියට සබරගමුව පසුබිම් වෙච්ච හැමතැනකම දකින්න පුළුවන්. සමහර පිළිම තියෙන්නේ දේවාලවල. සමහර පිළිම තියෙන්නේ මහා මාර්ගයේ. සමහර පිළිම තියෙන්නේ නිවෙස්වල. සමහර පිළිම තියෙන්නේ විහාරස්ථානවල. මේ විදියේ විහාරස්ථානවල, දේවස්ථානවල, මඟතොටේ යන එන අතරමඟ හැමතැනම දකින්න හම්බවෙන දේව රූපවලට වඩා මේ රූපය වෙනස්. ඒකට හේතු වෙන්නේ මේ විදියට ඇතා පිට වැඩ වාසය කරන සමන්දෙවියන්ගේ රූපයක් ඉතාම කලාතුරකින් දකින්න ලැබීම. මේ විදියේ විශේෂ ප්‍රතිමා කිහිපයක්ම අපේ රටේ තියෙනවා. මේ විදියටම සමන්දෙවියන්ගේ රූපය මැණික් ගලින් හදලා රත්නපුර සමන් දේවාලයට පූජා කරපු අවස්ථාවකුත් අපිට දකින්න පුළුවන්.

කොහොම නමුත් මේ විදියට සමන් දෙවියන්ගේ රූපයක් නෙල්ලිගල පුදබිමේ හදන එක සම්බන්ධවත් නායක හාමුදුරුවෝ විශේෂයෙන් කතා කරනවා. උන්වහන්සේ කියන්නේ සුමන සමන් දෙවියෝ තමයි අපිට ඉන්න විශේෂිතම සිංහල දෙවියෝ කියලා. නැත්නම් ශ්‍රී ලාංකික දෙවියෝ කියලා. අපි බොහෝ විට දෙවියන් විදියට අදහන්නේ විදෙස් රටවලින් අපේ රටට ආපු දේව ඇදහිලි විශ්වාස. ඒ සෑම දෙවි කෙනෙක් වගේම සමන් දෙවියොත් අපිට විශේෂයි කියලයි මේ නෙල්ලිගල පුදබිමේ නායක හාමුදුරුවෝ කියන්නේ. එදා තිලෝ අමාමෑණී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකා ධරණී තලයට වැඩමවා වදාළ අවස්ථාවේදී විශේෂයෙන්ම ඊට මැදිහත් වෙච්ච කෙනා විදිහට හඳුන්වන්නේ සුමන සමන් දෙවියෝ. එක්තරා කාලයක සමන්තකූඨ පර්වතය ආශ්‍රිත ප්‍රදේශය තමන්ගේ රාජධානිය කරගෙන රජකම් කරපු සුමන සමන් කියලා ප්‍රාදේශීය රජ කෙනෙක් මේ විදිහට දෙවියන් විදිහට අදහන්න ගත්තාය කියලා සමහර ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එදා අපේ රටේ හිටියේ යක්ෂ, දේව, නාග කියන ගෝත්‍ර තුන බවත් ඒ කතා අතරදි කියවෙනවා. මේ ගෝත්‍ර තුනෙන් එකක් වෙච්ච දේව ගෝත්‍රයේ නායකයා විදිහට එදා රජකම් කළේ සුමන සමන් කියන කෙනෙක් කියලයි සඳහන් වෙන්නේ.
එදා බුදුරජාණන් වහන්සේ කිහිප වතාවක්ම ලංකාවට වඩින්නේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් කියලත් සමහර තැන්වල සඳහන් වෙනවා. ඒ නිසාම මේ බුද්ධාගම ලංකාවේ පැතිරීම සම්බන්ධව විශාල ගෞරවයක් සුමන සමන් කියන රාජකීයයාට හිමිවන බවත් ඒ අය කියනවා. ඉතින් ඒ විදිහට අරගත්තට පස්සේ සුමන සමන් දෙවියන්ගේ රූපයක් මේ විදිහට කන්දක් මුදුණේ පන්සලක් ගාව හදන එක ඉතාම විශේෂයි කියලා අපිටත් හිතෙනවා. එදා බුදුරජාණන් වහන්සේ සිරිලක වැඩමවූ අවස්ථාවේ උන්වහන්සේ සිහිවන්නට සැමරුමක් තබා යන්නටයි කියලා සමන් දෙවියෝ ඉල්ලනවා. ඒ විදිහට තමයි සිරිපාදස්ථානයේ උන්වහන්සේගේ පා සටහන් සඳහන් වුණේ කියලයි කියන්නේ. ඒ වගේම මේ නෙල්ලිගල නායක හාමුදුරුවෝ කියන විදිහට මහියංගන මහා සෑය හදලා ලෝකේ පළමු දාගැබ හැදීමේ ගෞරවය හිමිවෙන්නේ සුමන සමන් දෙවියන්ට.

එදා ඉන්ද්‍රනීල මාණික්‍යයෙන් මේ මහා සෑය නිර්මාණය කළාය කියලා කියන්නෙ සමන් දෙවියො.
‘මේ මහ පොළොවෙ හැදුව පළවෙනි දාගැබ හැදුවෙ සමන් දෙවියො’ කියලා කියන්නෙ නෙල්ලිගල නායක හාමුදුරුවො. අන්න ඒ නිසයි සුමන සමන් දෙවියෝ අදත් මේ දැනුත් නෙල්ලිගල පුදබිමේ වැඩ වාසය කරන්නේ. මේ සෑ විසල් සේවයක් සම්බුද්ධ ශාසනයට කරපු මේ අසිරිමත් දෙවියන්ට අපි නිසි ගරුත්වය නොදෙනවාය කියන එකයි මේ හාමුදුරුවෝ කියන්නෙ. අන්න ඒ නිසයි මේ දෙවියන් උදෙසා නිසි ගරුත්වය ලබා දෙන්න ඔවුන් කටයුතු කරන්නෙ.
එදා රට පුරාම රජවරු සමන්තකූඨයට ඈතින් පෙනෙනාමානෙ වෙහෙර, විහාරස්ථාන හදලා ඒ තැන්වල මල් ආසන තියලා සිරීපා කරුණා කරන්න බැරි අයට සමන් දෙවියන්ට මල් පූජා කරන්න ඉඩ හදලා දුන්න වග ඉතිහාසයෙ සඳහන් වෙනවා. ඒ නිසා අදත් ඔබට පුළුවන් නම් යන්න නෙල්ලිගලට. ඔබත් දකින්න, බලන්න, වඳින්න, විඳින්න, මේ හැමදේටම. නෙල්ලිගල පුදබිමේ තේවාව හැමදාම නිශ්චිතව පැවැත්වෙනවා.
පුදබිමේ සිරිත්-විරිත්, චාරිත්‍ර මහා අනර්ඝ විදිහට සිද්ධ වෙනවා. දෙස්-විදෙස් බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ බිමට එනවා යනවා. මේ බිම දකිනවා. ඒ නිසා සුමන සමන් දෙවියන්ගේ අනුහසින් මේ බිම ආරක්ෂා වෙනවා. හෙටත් ආරක්ෂා වේවි. අනාගතයටත් ආරක්ෂා වේවි. එහෙම නම් මේ රෝගදුක් උවදුරු මුළු රටෙන්ම තුරන් වෙලා යන්නට සුමන් සමන් දෙවියන්ගේ පිහිටයි කියලා මේ කතාව අවසන් කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පත්තු වෙන්න ගිය ගින්න නිවෙයි: මුල්ලිවයික්කාල් ස්මාරකයට උපකුලපතිම යළි මුල් ගල තියයි

Next Post

හකීම් කැබිනට් ඇමැතිවරයෙක්ගේ කාමරයේ පැයක් ඉඳලා

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.