පාසල් ක්‍රීඩකයන් ජාත්‍යන්තරයට ගෙන යාම සදහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට සැලසුම් සකස් කර ඇත
ඒ මහතා පෙන්වා දෙන්නේ ක්‍රීඩා පිටිය, ගෘහස්ත පිටිය, කායවර්ධන මධ්‍යස්ථානය සහ විවේකාගාර ආදිය පාසල් ක්‍රීඩකයන්ට අවශ්‍ය නමුත් පාසල් ආශ්‍රිතව ඒ සියල්ල නොමැති බවකි.
කෙසේවෙතත් අපට පවතින ක්‍රීඩාංගණ ආශ්‍රිතව මේ සියල්ල පවතින බැවින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමග සාකච්ජා කොට පංති කාමරය එම ක්‍රීඩාංගණ තුළ සකස් කරන ක්‍රමවේදයක් සැකසිය යුතු බව රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ.