ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්.ගුණසේකර මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ තනතුර සඳහා එම පක්ෂයේ සාමාජිකයෙකු වන විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පක්ෂයේ කටයුතු නව නායකත්වයකට භාරදීමේ අරමුණින් තමන්ව කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් නිදහස් කරන ලෙස ඩිව්.ගුණසේකර මහතා පක්ෂයේ දේශපාලන කමිටුවෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව අදාළ තනතුර සඳහා නව සාමාජිකයෙකු පත්කිරීමට දේශපාලන මණ්ඩලය එකඟතාව පල කර ඇති අතර ඒ සඳහා ජී.වීරසිංහ මහතා පත්කිරීමට යෝජනා කළ බව ඩිව්.ගුණසේකර මහතා සඳහන් කළේය.










