කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජන අවසන් තරගයේදී පුෂ්පිකා සිල්වා මහත්මිය ජයග්‍රහණය කළද ඇය දික්කසාද වී ඇති බවට එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග ප්‍රකාශ කොට කිරුළ ගලවා දෙවැනි තැන ලබාගත් කාන්තාවට පැළදීමත් සමග වේදිකාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
පළමුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ප්‍රකශයට පත්කරමින් කිරුළු පලදවන ලද්දේ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි.
කෙසේ නමුත් ඒ සමගම සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවට ප්‍රකාශ වීමත් සමගය.
ඒ සමගම එම තරගයේ තීරකවරිය වන වර්තමාන විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බවයි.
ඉන් පසු ඇය බලහත්කාරයෙන්ම මෙන් කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය.
ඉන් අනතුරුව පුෂ්පිකා ද සිල්වා මහත්මිය වේදිකාවෙන් ඉක්මනින් ඉක්මනින් බැස ගියාය.










