• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවර වැව රවුමෙ-දළදා වීදියෙ-මාළිගා දොරකඩ මුණගැහෙන අබිරහස් රුව කාගෙද?

March 1, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
නුවර වැව රවුමෙ-දළදා වීදියෙ-මාළිගා දොරකඩ මුණගැහෙන අබිරහස් රුව කාගෙද?
Share on WhatsAppShare on Facebook

නුවර කියලා කියන්නේ ලංකාවේ තියෙන හැම නගරෙකටම වඩා විශේෂ තැනක්. නුවර හරි ආදරණීයයි. නුවර හැම ඉසව්වකටම රටාවක් තියෙනවා. කලාවක් තියෙනවා. හැම ගොඩනැගිල්ලකටම අර්ථයක් තියෙනවා. පාරක තොටක මග තොටේ හමුවෙන ගහක වැලක පවා චමත්කාරයක් තියෙනවා. නුවරට පෙරහැරක් තියෙනවා. නුවරට නැටුමක් තියෙනවා. නුවරට මාලිගාවක් තියෙනවා. නුවරට පූජනීය බවක් තියෙනවා. නුවරට ඉතිහාසයක් තියෙනවා. නුවරට ශිෂ්ටාචාරයක් තියෙනවා. නුවරට වෙනම අනන්‍යතාවයක් තියෙනවා. ඒ නිසා අනිත් හැම නගරෙකටම වඩා නුවර ගැන අලුතින් හිතන්න, අලුතින් හොයන්න, අලුතින් ලියන්න අමුතු කතාවක් තියෙනවා. මේ ලියන්න සූදානම් වෙන්නෙත් නුවර ගැන.

නුවර ගැන මේ ලියන්නේ වර්තමානෙට අයිති කතාවකට වඩා අතීතයට අයිති කතාවක්. එහෙම නැත්නම් වර්තමානය අතීතය අතර හිතාගන්න බැරි තැනක නතරවෙන කතාවක්. අපි පහුගිය දවසක මේ කතාව හොයාගෙන යන්නේ වෙනත් අවශ්‍යතාවයකට නුවර නතර වුණාට පස්සේ. මේ රාත්‍රියේදී නුවර නගරය පුරාම අපි නොදන්නා බොහෝ දේ සිදුවෙන බවට එක සාක්ෂියක්.

හැබැයි ඇසින් දුටු සාක්ෂි කොයිතරම් තිබුණත් මේ සාක්ෂිය ඇහෙන් දකින්න තරම් අපිට ඉඩක් ලැබුණේ නෑ. අපි ඒ වෙනුවෙන් බලාගෙන හිටියා. ඒ තමයි දළදා මාළිගාව, නුවර වැව, ක්වීන්ස් හෝටලය කියන මේ කීපය අතරතුරේ සිද්ධ වෙන ඉතාම රහසිගත සිදුවීමක්.

ඒ සිදුවීම ගැන දන්නා කෙනෙක් අපිත් එක්ක කියන්නේ මෙහෙම. මේ සිද්ධිය වෙන්නේ සමහර අය කියන විදිහට නම් පුර පෝයදාට. හැබැයි මට ඒ ගැන එහෙම අවබෝධයක් නෑ. කොහොම නමුත් රාත්‍රිය උදා වෙනකොට මේ නුවරත් අනිත් නගර වගේම පාලු වෙලා යනවා. එහෙම පාලු වෙලා යන නුවර වීදියක් දිගේ කෙනෙක් යනවා එනවනම් ඒ ඉතාම කලාතුරකින් මේ හෝටලයක නතරවුණු සුද්දෙක්. හැබැයි මේ කොරෝනාවත් එක්ක ඒ සුද්දෝ හක්කලං කරපු වීදී සම්පූර්ණයෙන්ම පාලු වෙලා ගියා .එහෙම පාලු වුණ වීදියක් දිගේ රෑට මොකක්දෝ දෙයක් අතින් අරගෙන තොප්පාරමක් බැඳලා සුදු ඇඳුමක් ඇඳලා මනුස්සයෙක් ගමන් කරනවා දැක්කම අපිට ඒ ගැන ප්‍රශ්නයක් හිතෙනවා. මේ යන්නේ කිරි මුහුද නැත්නම් දළදා මාළිගාව ඉස්සරහ තියෙන ජලාශය, වළාකුළු බැම්ම අයිනෙන් තමයි මේ යන්නේ. මේ ගමන පටන් අරගන්නේ ක්වීන්ස් හෝටලය පැත්තේ ඉඳලද නැත්නම් කිරි මුහුද පැත්තේ ඉඳලද කියන එක අපහැදිලියි. හැබැයි ඒ යමින් එන්නේ දළදාමාළිගාව පැත්තට. එහෙම දළදා මාළිගාව පැත්තට යමින් ඉන්න පුද්ගලයා ගැන හරියටම හොයන්න පුළුවන් කෙනෙක් නැති වුණත් ඒ ගැන දන්න අය කියනවා මෙන්න මෙහෙම.

“එයාගේ අතේ තියෙන්නේ වඩු වැඩ සඳහා භාවිතා කරන ජාතියේ උපකරණයක්. නැත්නම් වඩු ලීයක්, වඩු ලෑල්ලක්”
කියලා. ඒ නිසා මේ කවුද? මේ විදිහට වඩු ලෑල්ලක් අරන් කිරි මුහුදේ ඉඳන් මාළිගාව පැත්තට යන්න පුළුවන් කෙනෙක් කවදද, කොතනද , කොහොමද මේ නුවර ඉපදුණේ? අපි මේ ඒ ගැන හොයාගෙන යන ගමන.

මේ විදියට නුවර වීදියක් දිගේ යන අබිරහස් රූපය කාගෙ වෙන්න පුලුවන්ද?
“මේ රූපයේ අතේ තියෙන්නෙ වඩු රියන් ලෑල්ලද?”

එහෙම නං මේ විශේෂ පුද්ගලයා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ හිටපු ඉතාම විශේෂ කෙනෙක් වෙන්න ඕනෙ.මොකද වඩු රියන් ලෑල්ල පාවිච්චි කරපු කිසිවෙක් ගැන ඉතිහාසයේ සඳහනක් නෑ. හැබැයි මේ සිදුවීමට අදාළ පරිසර සාධක ස්ථාන ගැන පරිස්සමට අධ්‍යයයනය කරන කෙනෙක්ට ඉතාම අපූරු හඳුනා ගැනීමක් කරගන්න පුලුවන් .

මේ සිදුවීමට අදාළ පරිසරයේ තියෙන ඉතාම සුවිශේෂ ඉදිකිරීම් තුනක් තියෙනවා.
“මහනුවර ඓතිහාසික දළදා මාළිගය”
“කිරිමුහුද හෙවත් වළාකුළු බැම්මෙන් වට වුණ ජලාශය”
“රැජිණ හෝටලය”

මේ තුන ඉතාම කිට්ටුවෙන් පිහිටා තියෙන ඉදිකිරීම්. මේ ඉදිකිරීම්වල මූලික කටයුතු වෙන්නෙ එකිනෙකර සමාන කාලවල නෙමෙයි. ඒත් මේ ගැන පරිස්සමට හොයලා බලන කොට අදහාගන්න බැරි කතාවක් එළියට එනවා. ඒ තමයි මේ හැම තැනකම එක සමාන කාලවල ඉදිකිරීම් වෙලා තියෙනවා.

රැජිණ හෝටලය කියලා කියන්නෙ එක කාලයක දුල්ලෑව වලව්ව. මේ දුල්ලෑව වලව්වට පස්සෙ කාලෙ මොල්ලිගොඩ වළව්වෙ කොටසක් එකතුවෙලා වගේම වෙනත් කොටස් කීපයක් එකතු වෙලා තියෙනවා. මේ දුල්ලෑව නිළමෙගෙ වළව්ව හදලා තියෙන්නෙ දේවේන්ද්‍ර මූලාචාරියා.

ඒ වගේම නුවර මාළිගාව සහ අර දුල්ලෑව වලව්ව ඉස්සරහ තියෙන කිරිමුහුද කියලා කියන වැව හදන්නෙත් දේවේන්ද්‍ර මූලාචාරියා. එතකොට ඔය කියන විදියට මේ සිදුවීම් දෙකටම දේවේන්ද්‍ර මූලාචාරීගෙ සම්බන්ධයක් තියෙනවා.
ඔබ දන්නව ද දන්නෙ නෑ, දළදා මාළිගාවේ පත්තිරිප්පුව නිර්මාණය කිරීමේ ගරුත්වය ලැබෙන්නෙත් දේවේන්ද්‍ර මූලාචාරීට. ඒ විදියට ගත්තම මේ තැන් තුනටම සම්බන්ධ මූලාචාරීවරයෙක් ඉන්නවා, ඒ තමයි දේවේන්ද්‍ර මූලාචාරීවරයා.
දැන් මේ කියන විදියට ඔහුගෙ අතේ තියෙන්නේ වඩු රියන් ලැල්ල නම්, ඔහුට සමාන ගති ලක්ෂණ තියෙන්නෙ ඕනෙ මේ පුද්ගලයාගෙද? දේවේන්ද්‍ර මූලාචාරීවරයා කියන්නෙ ඉතිහාසය වර්ණවත් කරන්න අසිරිමත් ගොඩනැගිලි හදපු කන්ඳ උඩරට මහ වඩුවා.

එහෙමනම් මේ දළදා මාළිගාවට යනමග අතරමග මුණගැහෙන නාදුනන චරිතය මීට වසර ගාණකට පෙර කන්ඳ උඩරට ඉඳලා මිය ගිය දේවේන්ද්‍ර මූලාචාරී තැනද?

උත්තරය ඔබේ. අපි කළේ පූර්වාපර සිද්ධි ගැලපීම පමණයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩුව ජනප්‍රිය නෑ: ජනතාව ආණ්ඩුව එළියට දාන්නයි ඉන්නේ: ශ්‍රීලනිප මන්ත්‍රීගෙන් පොහොට්ටුවට දොස්මුරයක් (VIDEO)

Next Post

අපිට ගමට යන්න බෑ: පොහොට්ටු උපසභාපතිගෙන් ඇමැති ඉදිරියේම ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.