• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් උත්සවයේ වියහියදම් එළියට එයි! ජංගම වැසිකිළිවලට එක්කෝටි හතළිස් දෙලක්ෂයක්! TV-සවුන්ඩ්ස්-ඩිජිටල් තිර-ෆෑන්වලට ලක්ෂ 64යි! කොඩිවලට ලක්ෂ 13යි! සංග්‍රහවලට ලක්ෂ 18යි! හෙණගහද්දි බේරෙන්න තුන්ලක්ෂ හැටදාහයි! ඔක්කොම ලිස්ට් එක මෙන්න! VIDEO

February 5, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ලබන අවුරුද්දේ නිදහස මහ ඉහළින් සමරන්න ඇමැතිවරු 10 දෙනෙක් දාලා කැබිනට් අනුකමිටුවක් පත් කරලා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයෙන් මිදීම සැමරෙන අභිමානවත් 75 වැනි නිදහස් දින උලෙළ සඳහා සහභාගි වන විශේෂ අමුත්තන් සහ අනෙකුත් අය වෙනුවෙන් ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා පමනක් රුපියල් රුපියල් එක්කෝටි හතළිස් දෙලක්ෂ පනස් අට දහස් අටසිය පනහක (14,258,850.00) මුදලක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ 2023.01.02 දිනට දරා ඇති බව වාර්තා වනවා.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය නැමති සංවිධානය නියෝජනය කරමින් ජාමුනි කමන්ත තුෂාර නැමැති අයෙකු විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් 2023 නිදහස් දින සමරු උලෙළ සඳහා වන වියදම් ඇස්තමේන්තුව තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් 2023.01.26 දින ඉදිරිපත් කරන ලද HA/RTI/05/11tem යන තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාල අමාත්‍යංශය විසින් ලබා දුන් තොරතුරුවලයි ඉහත දත්ත සඳහන් වන්නේ.

එම තොරතුරු පත්‍රිකාව හරහා අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව අදාල අමාත්‍යංශය විසින් 2023.01.02 වැනි දිනට දරා ඇති දළ වියදම් හෙළිදරව් කර ඇති අතර ජාතික නිදහස් දින උලෙළ සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති සමස්ත මුදළ රුපියල් මිලියන 55ක්.

මේ අතර අදාල අමාත්‍යංශය යටතේ ඉහත සඳහන් කළ දින වන විට සිදු කොට ඇති වියදම් අතර අකුණු සන්නායක පද්ධතියක් සවි කිරීම සඳහා රුපියල් 345,000ක මුදලක් සහ ඊට අදාල උපදෙස් ලබා ගැනීම සඳහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට රුපියල් 20,000ක මුදලක් ද වියදම් කොට තිබෙනවා.

අදාල උත්සවය සඳහා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා, කාර්මික පංකා ඇතුළු සිසිලන යන්ත්‍ර සැපයීම සඳහා රුපියල් 519,225ක් ද විද්‍යුත් තිර සඳහා රුපියල් විසිහත් ලක්ෂ අනූතුන් දහස් හත්සිය පනහක (2,793,750.00) මුදලක් ද ශබ්ද විකාශන පද්ධතිය සඳහා රුපියල් තිස් දෙලක්ෂ හත් දහස් අටසියයක (3,207,800.00) මුදලක් ද අදාල අමාත්‍යංශය යටතේ වෙන් කොට තිබෙනවා.

මේ අතර ආරාධිතයින් සඳහා පුටු මිලදී ගැනීමට රුපියල් 955,650ක් ද පුෂ්පෝපහාර දැක්වීම වෙනුවෙන් මල් බඳුන් ලබා ගැනීම සඳහා රුපියල් 40,000ක් ද අදාල අමාත්‍යංශය විසින් ඉහත සඳහන් කළ දිනය වන විට වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ ම නිදහස් උලෙළට අදාල ආරාධනා පත්‍ර තැපැල් කිරීම හා අදාළ අනෙකුත් රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් 100,000ක මුදලක් දරා ඇති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එහි ලිපි ද්‍රව්‍ය ඇතුළු කාර්‍යාලීය උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් 600,000ක මුදලක් වැය කොට තිබෙනවා.

එපමණක් නොව අදාල උත්සවයේ කොඩි මිල දී ගැනීම සඳහා රුපියල් දහතුන් ලක්ෂ අසූ දහසක් (1,380,000.00) වෙන් කොට ඇති එම අමාත්‍යංශය සියලු ම ආරාධිතයින් සංවිධාන කටයුතු ඇතුළු සහාය කාර්ය මණ්ඩලයේ සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් දහ අට ලක්ෂ හතලිස් නව දහස් දෙසිය පනහක් (1,849,250.00) වැය කොට තිබෙන බවයි අදාල අමාත්‍යංශය අනාවරණය කරන තොරතුරුවල දැක්වෙන්නේ.

නිදහස් දින සැමරුම් සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය ප්‍රතිසංකරණය කටයුතු සඳහා නාවික හමුදාව වෙත රුපියල් 330,000ක් ද නිදහස් දින සමරු උලෙළේ රාජකාරි කටයුතු පැවැත්වෙන සියලු ම කාල සීමාවට අදාල ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් මිලියනයක මුදලක් වෙන් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාල තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරනවා.

මේ සා වියදමක් දරමින්, දැඩි ආර්ථික අර්බුදයකින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුව වෙනුවෙන් උළෙලක් පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක රජය විසින් ඒ සඳහා රාජ්‍ය ආයතන හා අමාත්‍යංශ 6ක් අතරේ රුපියල් කෝටි විස්සකට (රු.මිලියන 162) ආසන්න මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින්නේ සුබවාදී අදහසක් නම් නොවේ.

කෙසේ නමුත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අනාවරණය කර ඇති මෙම වියදම් 2023.01.02 වැනි දින දක්වා ඒවා වන අතර අභිමානවත් 75 වැනි නිදහස් සමරුව පැවැත්වෙන්නේ ඊට දින 32කට පසුව යි.

මෙම අතරමැදි කාල සීමාවේ අභිමානවත් නිදහස් සැමරුමේ විය හියදම් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය වනු ඇති.

කෙසේ වෙතත් ආර්ථික පීඩනයෙන් පතුළට ම මිරිකී සිටින ඉන්දීය සාගරයේ මුතු ඇටයේ වෙසෙන ජනතාවගේ බදු මුදලින් සිදු කෙරුණු එම වියදම් පිළිබඳව තොරතුරු හෙළි වුව ද ඉන් පළක් නොවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් කිසිදු පළක් නොවන නිසාවෙන්. -උපුටා ගැනීම හිරු වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

මරදානේ අරගලයට ගැහුවේ ‘චොප්පෙගෙ’ පුතා කිත්සිරියි-මොහොමඩ් රිස්වානුයි! දෙන්නම මේ පාර කොළඹ නගර සභාවට UNP එකෙන් ඡන්දෙ ඉල්ලනවා! යුනිෆෝම් එක ගහන් හිටපු පොලිසියත් මේ කසිප්පුකාරයන්ට යටවුණා! ලැජ්ජයි! අරගලකරුවෝ මාධ්‍ය හමුවකට ඇවිත් ෆොටෝත් එක්ක නම්ගම් හෙළිකරයි! VIDEO

Next Post

ජනපතිගේ රාජාසන කතාව දා පාර්ලිමේන්තුව වර්ජනය කරන්න සජබය තීන්දු කරයි! තවත් තීන්දු රැසක් අරන්!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.