එළඹෙන ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසයි.
ADVERTISEMENT
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලින්ටන් හිදී අවසන් වූ දෙවැනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.
ඔහු ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.
දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගී වීම සඳහා ලබන මස මෙරටට පැමිණෙයි.