ජාතික උසස් අධ්‍යාපන හා වෘත්තිය ප්‍රදර්ශනයන්හි ප්‍රමුඛතමයා වන Future Minds බලගැන්වූ 16 වෙනි අධ්‍යාපනික ප්‍රදර්ශනයේ කොළඹ ප්‍රදර්ශනය 2023 මාර්තු 19 දින BMICH හිදී අති සාර්ථක ලෙස නිමාවට පත්විය. විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා රාශියකින් සමන්විතව ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතන මෙන්ම දේශීයව පිළිගත් අධ්‍යාපනික ආයතන ඇතුළුව ආයතන එකසිය පනහකට අධික සංඛ්‍යාවක් සහ 5000 කට අධික, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසු දරුවන් ලංකාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූහ.
නාලන්දා කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය 2023 මාර්තු 17 18 සහ 19 යන තෙදින් BMICH හිදී පැවැත්විණි.
සමාරම්භක උත්සවයට, ප්‍රධාන ආරාධිතයා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි (UGC) සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විශේෂ ආරාධිතයින් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි (UGC) උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත සහ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරු සහභාගී වූහ.
මෙහි දී ප්‍රධාන අංගයක් වූයේ දූ දරුවන් සඳහා නොමිලේ පවත්වන වෘත්තීය මාර්ගෝපදේශන යයි. ශ්‍රී ලංකාවේ පිළිගත් වෘත්තීය මනෝ උපදේශකවරුන්ගේ සංගමයක වෘත්තීය උපදේශනයකවරුන්ගේ මගපෙන්වීම ලබාගත් මෙම සිසු දරුවන් තමන්ගේ අභිලාෂයන් නිවැරදිව හඳුනාගෙන ඊට අදාළ උසස් අධ්‍යාපන පාඨමාලාව තෝරාගැනීමට ආයතන වෙත පියමන් කළහ.
එකම වහලක් යට නොමිලේ ලබා ලබාදෙන මෙම සේවාවන් සියල්ල ලැබීමට අප ශ්‍රී ලාංකික සිසු දරුවන් වාසනාවන්ත වූ අතර කුසපත් ඇදීම යටතේ ප්‍රදර්ශනය සඳහා පැමිණි දුවා දරුවන්ට වටිනා ත්‍යාග ජයග්‍රහණය කිරීමටද අවස්ථාව උදා විය.
වෘත්තීය මාර්ගෝපදේශනයන් සහිතව උසස් අධ්‍යාපනික මංපෙත් පෙන්වා දෙන මෙවන් ප්‍රදර්ශන තුළින් ශ්‍රී ලංකේය අනාගතය භාර ගැනීමට සිටින මේ දූ දරුවන් වඩා ඵලදායි වෘත්තිකයන් ලෙස සමාජයට පිවිස රටේ සෞභාග්‍ය උදාකරණු නිසැකය.
හෙට දින ලොවක් ජයගැනීමට පෙරමං බලා සිටින, ජාත්‍යන්තර අධ්‍යාපනික අවස්ථා නිරන්තරයෙන් සොයා යන ශ්‍රී ලංකේය තාරුණ්‍යයේ බලාපොරොත්තු ඉහළ නංවමින් සංවිධානය කරන මෙවන් ප්‍රදර්ශන මගින් උසස් අධ්‍යාපනික නිම්වළලු පුළුල් කෙරෙන බව “කිසිවෙකුත් අත් නොහැර” (NO ONE LEFT BEHIND) තේමාව කරගත් FUTURE MINDSහි විශ්වාසයයි.