ලංකා මුහුදු සීමාවේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත් පුද්ගලයා කව්ද යන්න අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් රටට හෙළිදරව් කළ යුතු බව විමල් වීරවංශ මහතා කීය.
අවම වශයෙන් එළියේ පැවසිය නොහැකි නම් පාර්ලිමේන්තුවේදී හෝ එම නම පැවසිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.