තමන් 20 වන සංශෝධනය පිළිබදව හෘදය සාක්ෂියට අනුව තීරණයක් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කරයි.
අද (09) දින ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් වික්‍රමනායක මහතා මේ බව සදහන් කර සිටියේය.
20 වන සංශෝධනය ලෙස ගෙන එන්නේ 18 නම් රට යායුත්තේ ආපස්සට නොවන බවද ඒ මහතා කීය.
මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති හොද බවත්, ඇතැම් ඒවා නරක බවත් කී ඒ මහතා ජන්දය විමසන අවස්ථාවේ මේ පිළිබදව තීන්දුවක් ගන්නා බවද කීවේය.
මීට පෙර විදුර වික්‍රමනායක මහතාගේ සොහොයුරීය වන වෛද්‍ය තුෂාරා වික්‍රමනායක මහත්මිය සිය සොහොයුරාට ලිපියක් ලියමින් කියා සිටියේ 20ට එරෙහිව ජන්දය භාවිත කරන ලෙසයි.