• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී කියන්නේ පට්ටපල් බොරු: පූජිත්ගෙන් කොමිසමට අලුත්ම අනාවරණයක්

October 9, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
මෛත්‍රී කියන්නේ පට්ටපල් බොරු: පූජිත්ගෙන් කොමිසමට අලුත්ම අනාවරණයක්
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුරුද්දක් වශයෙන් බොරු කියන බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (10) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේය.

අප්‍රේල් 14 වැනිදා බුලත් දීමට පැමිණ පැය දෙකක පමණ කාලයක් පුජිත් ජයසුන්දර මහතා ජනාධිපති නිල නිවසේ ගත කරමින් සිටියද ප්‍රහාරයක් සම්බන්ධයෙන් වන තොරතුරු තමන්ට පැවසුවේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසන ලදී.

ජයසුන්දර මහතා පැමිණියේ බිරිඳ සමඟින් වන අතර නිල නිවසින් පිටවූයේ දිවා ආහාරයද රැගෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපතිවරයා එලෙස පැවසූ කාරණා පට්ටපල් බොරු බව හිටපු පොලිස්පතිවරයා කොමිසම හමුවේ අවධාරණය කළේය.  

ඒ වන විට තමන් සමඟ විරසකයක් පැවතියද රටේ ජනාධිපතිවරයා ලෙස ගෞරවයෙන් සලක තමන් බුලත් දීමට ගිය ද ඒ ගියේද ඔහුගේ ආරක්ෂාව භාරව අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රොහාන් ද සිල්වා මහතාව දැනුවත් කර ඔහු සමඟින් බවයි පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ.

”බුලත් දෙන්න යන්න ඕන නිසා මම රොහාන් ද සිල්වා මහත්මයාට කතා කරලා කිව්වා රොහාන් මම බුලත් දෙන්න එනවා ඔයා දන්නවනේ තියෙන තත්ත්වය මට එන්න අපහසුයි ඔයා මම එන වෙලාවට ගේට් එක ළඟට එන්න කියලා. රොහාන් කිව්වා හරි සර් සර් එන්න මම එන්නම් කියලා. ඒ විදිහට මම යද්දී පැජට් පාරේ නිවාස ඉදිරිපිටට රොහාන් ආවා. මම රොහාන් එක්ක තමයි ඇතුළට ගියේ. ඒ යන කොටත් එතුමාට බුලත් දෙන්න විශාල පිරිසක් හිටියා. පෝලිමක් තිබුණේ මම පෝලිමේවත් හිටියේ නැහැ. මම රොහාන්ට කියලා අනිත් පැත්තෙන් ගිහින් බුලත් දුන්නා. රොහාන්  මගේ ළඟ හිටියේ. මම බුලත් දීලා නැමිලා ආචාර කළාට ජනාධිපතිතුමා මගේ දිහාවත් බැලුවේ නැහැ. එතුමා කිව්වා මම බිරිදත් එක්ක ආවේ කියලා. මගේ බිරිඳ මගෙත් එක්ක ජනාධිපතිතුමාට බුලත් දෙන්න ආවේ නැහැ. ඇය යන්න බෑමයි කිව්වා. මම එතන විනාඩි 10ක් වගේ හිටියේ. කෑම තියා වතුර එකක්වත් බිව්වේ නැහැ. ඕකයි එතන වුණේ ස්වාමීනි.”

හිටපු පොලිස්පතිවරයාගේ මෙම පැහැදිලි කිරීම හමුවේ කොමිසම ප්‍රශ්න කළේ ජනාධිපතිවරයා බොරු කියන බව පවසන්නේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් පුජිත් ජයසුන්දර මහතා පැවසුවේ හිටපු ජනාධිපතිවරයා පුරුද්දක් ලෙස බොරු කියන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාගේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන්ද සිදු වූයේ එවැන්නක් බවයි හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ.

හිටපු ජනාධිපතිතුමා විදෙස් ගතව පැමිණි මොහොතේ මට දුරකථන ඇමතුමක් අරගෙන ඇහුවා කොහේද ඉන්නේ කියලා. එතුමා හොඳටම දන්නවා මම හිටියේ ගුවන් තොටුපොළේ කියලා. කොහාටද යන්නේ කියලා ඇහුවා. මම කිව්වා කාර්යාලයට යනවා කියලා. එතකොට ඇහුවේ කවුද අර නිශාන්ත සිල්වාව මාරුකරන්න කිව්වේ,කාගෙන් අහලද තමුසේ කළේ කියල. මම ඉතින් කිව්වා සර්,සර්මනේ කිව්වේ ආරක්ෂක මණ්ඩලයේදී එයාව මාරු කරන්න කියලා. ලේකම්තුමාටත් කියලා ගිහින් තිබුණනේ කොහොම හරි යවන්න කියලා. උදය සෙනෙවිරත්න මහත්මයාත් කිව්වනේ කියල මම කිව්වා. මම කියපු කෙහෙල් මලක් නැහැ මම ලේකම් එක්කත් බලාගන්නන්කො කියලා දුරකථනය තිබ්බා. ඔහොම දේවල් තමා වුණේ.

SendShareShare
Previous Post

මන්ත්‍රීවරු 100කගේ අස්සනින් යුතු ලිපියක් ජනපතිට

Next Post

නංගිගේ ලියුම වැඩ කරයි: විදුර 20 ගැන තීන්දුවක් ගන්න යයි

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.