දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් යුද්ධයේදී මියගිය උතුරේ පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉටිපන්දම් දල්වා අද (18) පෙරවරුවේ සැමරූහ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට යුද්ධයේදී මියගිය පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මේ ආකාරයට සැමරූ පළමු අවස්ථාව මෙයයි.
එම මන්ත්‍රීවරුන්මෙම සැමරීම කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට වෙන් කෙරුණු ශාලාවේදීය .
ඉටිපන්දම් අටක් දල්වා පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද පවත්වා මෙම සැමරීම කර ඇත.
මෙම සැමරුමට දෙමළ ජාතික සන්ධානයේපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්ඒ සුමන්දිරන්,චාණක්‍ය රාසමානික්කම් ,සෙල්වම් අඩෛක්කිලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්ඇතුළු මන්ත්‍රීවරු 8 දෙනෙක් සහභාගි වූහ .
මේ අතර යුද්ධයේදී මියගිය උතුරේ පිරිස සැමරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුමෙන් සැරසී මැතිසබයට ඊයෙ පැමිණීමද විශේෂ සිද්ධියක් විය.












