දින සියයක් ඇතුළත මේ රටේ කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා වාර්තා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අගවයි.
ඒ මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයකු තවත් පස් දෙනකුට මෙම රෝගය බෝකරන්නේ නම් සෑම දින 5 කට වරක් ම රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බවයි.
ඒ අනුව 20 වතාවක් රෝගීන් දෙගුණ වුවහොත් දින සියයක් ඇතුලත මෙරට ආසාදිතයන් මිලියනය ඉක්මවා යනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.










