මාතර, දික්වැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක විදුහල්පතිනිය විසින් 10 ශ්‍රේණියේ සිසුන්. කිහිප දෙනෙකුට ඉඳුල් ආහාර දිවෙන් ඉවත් කිරීමට නියෝග කිරීමක් පිළිබඳව සමාජ මාධ්‍යයේ පළ වන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් කරමින් පවතින බව පොලිසිය කියයි.
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කලාපයක පාසලක සිසුන් දිවා ආහාරයෙන් පසු ආහාර ලබා ගැනීමට යොදාගත් ඩෙස් මත ආහාර ඉඳුල් හලා තිබීම නිසා ඒවා ඉවත් කර පිරිසුදු කරන ලෙස කාලයක සිට විදුහල්පතිනිය සිසුන්ට අවවාද කර ඇති බව කියයි.
එහෙත් අවවාදය නොපිළිගෙන ආහාර ගැනීමෙන් පසු ඩෙස් බංකු පිරිසුදු නොකර ඉඳුල් එම ඩෙස් මත දමා යාම නිසා එම පාසලේ විදුහල්පතිනිය විසින් මතක හිතෙන දඬුවමක් ලබා දෙන බව පවසා සිසුන්ට මේස මත ඇති ඉඳුල් ඉවත් කරන ලෙස මෙසේ නියෝග කර තිබේ.
එමෙන්ම බිම ඇති ඉදුලු බත්ඇටද එසේ අහුලන ලෙස විදුහල්පතිනිය නියෝග කර ඇති බවද වාර්තා වේ.










