• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිධානයක් පාදගන්න විදුර මුලතිව් මහ කැළේට රිංගයි (PHOTOS)

January 20, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
නිධානයක් පාදගන්න විදුර මුලතිව් මහ කැළේට රිංගයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

මුලතිව් තන්නිමුරුක්කු නාගචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ පිහිටා ඇති අට්ඨකතාවන්හි හා වංශකතාවන්හි සඳහන් “කුරුන්දක”, “කුරුන්ද” යන පුරාවිද්‍යා භූමියේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පියවර ගෙන ඇත.

ඛල්ලාටනාග රජු (ක්‍රි.ව 100-103) කාලයෙහි “කුරුඥ” පාසක නම් විහාරස්ථානය මෙම ස්ථානයේ ගොඩනැඟු බවත්,පළමුවන අග්බෝ රජු (ක්‍රි.ව 571-604) සමයෙහි කුරුන්දක විහාරස්ථානය පිළිසකර කර කුරුන්ද වාපි නමින් වැවක් ද පොල් උයනක් ද කරවූ බව වංශකතාවන්හි සඳහන් වේ.

එසේම පළමුවන විජයබාහු රජු (ක්‍රි.ව 1055-1110) සමයෙහි මෙම විහාරස්ථානය සඳහා විවිධ අනුග්‍රහයන් දැක්වූ බව ද මහාවංශයේ සඳහන් වේ.

දැනට සොයාගත් සාක්ෂි සාධක අනුව මෙම ස්ථානය පබ්බත විහාර වර්ගයට අයත් විහාරස්ථානයක් බවත්, ක්‍රි.ව.දෙවන සියවසේ දී පමණ ඉදි කර ඇති බවත්, දඹදෙණි යුගය දක්වාම ඉතා දියුණු ලෙස මෙම ස්ථානය පැවැති බවත් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් අනුර මනතුංග මහතා සඳහන් කරයි.

ගරා වැටුණු චෛත්‍යයක නටඹුන්,විහාර සංකීර්ණයක නටඹුන්,කොරවක් ගලක්,පොළොන්නරු යුගයේ යැයි සැලකිය හැකි සඳකඩපහණක් ගල් කනු ආදීය මෙම ප්‍රදේශය පුරා විසිර තිබේ.

නිදන් සොරුන් විසින් චෛත්‍යයෙහි ඝර්භය සහ පුරා විද්‍යා නටඹුන් අසළ විශාල වලවල් හරා විනාශ කර තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරා විද්‍යාඥ ගාමිණි අධිකාරී,ආරක්ෂක සේනා මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක, ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළහ.

මෙම අවස්ථාව සඳහා බුද්ධ සාශන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) චම්පිකා කනේරු,591 බලසේනාධිපති කර්නල් සුජීව පෙරේරා, සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, යන මහත්මහත්මින් සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

දැන් කොරෝනා පාලනය කරන්න බෑ: මේ සති කීපය භයානකයි

Next Post

ඩොලරය දෙවන වතාවටත් 200 පනී

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.