මහනුවර දළදා මාලිගාව කුඩු කරන බව කියමින් පොලිස් 119 හදිසි ඇමැතුම් අංශයට දුරකතන ඇමතුම් 3ක් ලැබීමෙන් අනතුරුව වහාම පරීක්ෂණ ආරම්භ කර ඇති පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
සැකකරු දෙහිවල කල්දේරා මාවතේ පදිංචිකරුවකු බව පැවසේ.
මෙම සැකකරු වසර 4ක් පමණ අමෙරිකාවේ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය විද්‍යාව හදාරා ඇති අයකු බවත්, ඔහුගේ පියාද විශ්‍රාමික වෛද්‍යවරයෙකු බවත් අනාවරණය කරගෙන ඇත.
කෙසේවෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු හෙතෙම කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන්නකු බව ඔහුගේ මව විසින් සදහන් කර ඇති අතර එය තහවුරු කිරීම සදහා වෛද්‍ය ප්‍රතිකාර සටහන් පොතක්ද ඉදිරිපත් කර ඇත.
දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.