ලිට්‍රෝ ගෑස් මිල ලබන පෙබරවාරි මස මුල සතියේ රුපියල් 500කට වැඩි මුදලකින් ඉහළ යන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කොට ඇත.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 500ත් 750ත් අතර මිලකින් ඉහළ යන බවත් එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරවල මිල ද ඉහළ යන බවත් එම නිලධාරියා පවසා තිබේ..
එම මිල ඉහළ දැමීම ලබන පෙරවාරි මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස මිල ඉහළ යෑම මෙම මිල ඉහළ දැමීමට හේතුව බවය.










