ව්‍යවස්ථාදායක සභාවේ පූර්ණ සාමාජිකයන් ප්‍රමාණය පත් නොකොට දැනට පත් කොට ඇති සාමාජිකයන් 9 දෙනා හරහා ව්‍යවස්ථාදායක සභාවේ ඉදිරි කටයුතු සිදුකිරීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
එම සභාවේ සාමාජිකයන් 10 දෙනකු සිටිය යුතු අතර දැනට සාමාජිකයන් 9 දෙනකු ඊට පත් කොට තිබේ.
පත් කිරීමට ඉතිරිව ඇත්තේ සුලු පක්ෂ නියෝජිතයා පමණි.
දැනට ඊට දෙමළ පක්ෂවලින් සිද්ධාර්තන් මහතාගේ නම යෝජනා කොට ඇති අතර විමල් වීරවංශ පාර්ශ්වය විසින් ඊට උදය ගම්මන්පිල මහතාගේ නම යෝජනා කොට ඇත.
කෙසේවෙතත් ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමේදී සියලුම පක්ෂ නායකයන් ඇති කරගත් එකගතාව වී ඇත්තේ සාමාජිකයන් 10 දෙනාම පත් නොකොට එහි කටයුතු ක්‍රියාත්මක කළ නොහැකි බවකි.
නමුත් මේ වනවිට සුලු පක්ෂ නියෝජිතයා නම් කොට නැති බැවින් දැනට පත් කොට සිටින සාමාජිකයන් 9 දෙනාගෙන් සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාමට සූදානමක් ඇති බව දැනගන්නට ඇත.










