සඳහිරු සෑය සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදුවිය.
ඒ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.
මේ සදහා විශාල ජනතාවක්ද එක්ව සිටියහ.










