රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේදී මළ සිරුරු සොයාගත් තරුණයින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් මාවනැල්ල හා වැලිඔය ප්‍රදේශවලදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බවය.
මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී පසුගිය 12 වනදා සොයාගත්තේය.
මාවනැල්ල ප්‍රදේශයේදී අතුරුදන්වූ බවට වාර්තා වී තිබූ තරුණයන් දෙදෙනා අතරින් එක් අයෙකුගේ මළ සිරුර පළමුව සොයාගත්තේය.
ඒ, රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුුපස වළදමා තිබියදීය.
මාවනැල්ල, කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
අතුරුදන්ව තිබුණේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් 28 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.










