• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා! අන්තිමේදී මැරුණට පස්සේ පොලිතින්වලින් ඔතලා වත්තේ වළලලා! කුකුළු කොටුවක් හදන්න උඩින් කොන්ක්‍රීට් තට්ටුවකුත් දාලා!

January 14, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා! අන්තිමේදී මැරුණට පස්සේ පොලිතින්වලින් ඔතලා වත්තේ වළලලා! කුකුළු කොටුවක් හදන්න උඩින් කොන්ක්‍රීට් තට්ටුවකුත් දාලා!
Share on WhatsAppShare on Facebook

මාවනැල්ලේ අතුරුදන්ව සිටි මුස්ලිම් තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු හමු වූයේය. පෙරේදා (12) එක් සිරුරක් සොයාගත් අතර අනෙක් සිරුර ඊයේ සොයා ගැනුණි.

නොවැම්බර් 19 හා 25 යන දෙදින තුළ අතුරුදන්වූ බවට මාවනැල්ල පොලිසියට වාර්තා වුණු මෙම තරුණයන් දෙදෙනා දස වදදී මරා රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පසුපස වළදමා තිබිණි. අපරාධයට ලක්වී තිබුණේ මාවනැල්ල කිරිංගදෙණිය හා කෙරමිණියවත්ත ප්‍රදේශවල පදිංචි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් (26) සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් (28) යන දෙදෙනාය.

මෙම තරුණයන් රඳවාගෙන පහරදෙන අතර ඔවුන් තියුණු ආයුධවලින් කපා එම තුවාලවලට ලුණු කුඩු සහ විෂබීජ නාශක දියර ඉසිමින් දස වදයට ලක්කර ඔවුන්ව මරාදමන්නේ හුරීමලුවේ ෆර්හාන් නැමැති ප්‍රාදේශීය කුඩු ජාවාරමක ප්‍රධානියෙකි.

හුරීමළුවේ ෆර්හාන් නැමැති මිනීමරුවා පුරා දින තුනක් තිස්සේ මෙම තරුණයන් වදයට ලක් කිරීමෙන් පසු මරාදමන ආකාරය ඇසින් දුටු පුද්ගලයෙක් සිටියේය. ඔහුත් මරාදැමීමට නියමිතව වදයට ලක් වූ තැනැත්තෙකි. එහෙත් ඔහු ජීවිතය බේරාගෙන පලාගොස් තිබිණි.

සිය නිවසේ කාමරයක් තුළ මේ තරුණයන් දෙදෙනාට වදදී මරාදමා සිරුරු පොලිතින්වල ඔතා තම නිවස පසුපස වළදැමීමට මිනීමරු ෆර්හාන් කටයුතු කර තිබිණි. අනතුරුව වළ දැමූ ස්ථානය කොන්ක්‍රීට්වලින් ආවරණය කිරීමට ඔහු කටයුතු කර ඇත.

පොලිසිය පවසන්නේ ඝාතනය වූ තරුණයන් දෙදෙනා හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් බවය.

ඔවුන් දෙදෙනා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම සම්බන්ධව මුල්ම තොරතුර ලැබෙන්නේ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුටය. රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර හුරීමළුවේ ෆර්හාන් නමැත්තාගේ නිවස තුළ තරුණයන් දෙදෙනකු ඝාතනය කරන අයුරු තමා දුටු බවට වූ තොරතුරක් පුද්ගලයෙකුගෙන් ඔහුට ලැබී තිබිණි.

තරුණයන් දෙදෙනා මරාදැමීමෙන් පසු එම නිවස පසුපස වළලන අයුරු දුටු බවත් ඔහු පවසා තිබිණි.

තොරතුර දුන් තරණයාට ද මත්ද්‍රව්‍ය ජවාරම්කරු පහර දී තිබිණි. ඔහුත් මරණයට නියම වූ අයෙකි.

මට හොඳටම ගැහුවා. මට ගහන අතරෙ මේ තරුණයන් දෙදෙනා ඒ නිවසේ කාමරයක් ඇතුළෙ සිරකරන් හිටියා. ආයුධවලින් කැපුවා. ඊට පස්සේ ඒ තුවාලවලට ලුණු කුඩු දැම්මා. විෂබීජ නාශක වතුර දැම්මා. ඒ කොල්ලො දෙන්නා විඳපු අපා දුක මම මගෙ ඇස් දෙකින්ම දැක්කා. ඔහු පොලිසියට කීවේය.

මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් නම් තරුණයාට දින තුනක් පමණ වධහිංසා පැමිණ වූ බව ඔහු පොලීසිය සඳහන් කළේය. එහෙත් මුලින්ම මියගියේ 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් බවත් ඔහු කිවේය.

මේ පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ සහකාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත එහි ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා අප්සරා අබේගුණසේකර වැඩිදුර විමර්ශන සිදුකර වැදගත් තොරතුරු රැසක් හෙළිකරගැනීමට සමත් වී ඇත.

ඒ තොරුතු අනුව තරුණයන් දෙදෙනා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූවන්ය. පසුගිය නොවැම්බර් මස රටේ හෙරොයින් හිඟයක් මතුවීමත් සමග ඔවුන් අයිස් මිලදී ගැනීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසට ගොස් තිබේ.

ඝාතනයට හේතුව මියගිය දෙදෙනාගෙන් 28 හැවිරිදි තරුණයාගේ සහෝදරයා සහ මෙම ජවාරම්කාර අර්ෆාන් අතර ඇතිවී තිබුණු මත්ද්‍රව්‍යා ජාවාරමේ ආරවුලකි. ඒ පුද්ගලයා හුරීමළුවේ ෆර්හාන් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන මුදල් ලබා නොදීම සම්බන්ධව ගැටුමක් තිබී ඇත. අයිස් සොයා නිවසට ගිය මෙම තරුණයා සහ ජවාරම්කාර ෆර්හාන් අතර ප්‍රශ්නයක් ඇති වී තිබෙන්නේ එක් තරුණයෙකුගේ සොයුරා විසින් මුදල් නොදී මගහරිනු ලැබූ මත්ද්‍රව්‍ය පිළිබඳවය.

ඒ සම්බන්ධව තරුණයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර වචන හුවමාරුව බහින්බස් වීමක් තෙක් දුරදිග ගොස් ඔවුන් දෙදෙනාම ජාවාරම්කරුගේ ග්‍රහණයට හසු වී තිබේ.

ප්‍රාදේශීය මට්ටම තෙක් විහිදී ගිය මත්ද්‍රව්‍ය ජාවාරමේ ම්ලේච්ඡත්වය හෙළි කරමින් මේ තරුණයන් දෙදෙනා ඝාතනය වී ඇත්තේ ඔවුන්ට අදාළ නැති මත්ද්‍රව්‍ය ජාවාරමේ දිගුවක් ලෙස බව දැන් අනාවරණ වී ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තමන් සොයාගෙන පැමිණි මේ තරුණයන් දෙදෙනා තමන් ගැන පොලීසියට ඔත්තු සපයන්නන් බවට ද අර්ෆාන් සැකකර තිබේ. ඔවුන්ට දසවද දී ඝාතනය කරන්නේ ඒ හේතුව නිසා බව ද විමර්ශන අංශ කියයි.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් ද සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ පසුපස කොටස පෙරේදා (12) පරීක්ෂා කළාය.

අනතුරුව නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක පොලීසිය විසින් කැණීමක් සිදුකෙරිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 12 දා පස්වරුවේ මළසිරුරක් සොයාගත් අතර ඒ, 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර්ගේ බව පොලිසිය විශ්වාස කරන්නේය.

ඊයේ එහි කැණීම් සිදුකළ විමර්ශන නිලධාරීන්ට එහි වූ දෝනාවක් වැනි කොටසක් තුළින් අනෙක් මළසිරුර ද සොයාගැනීමට හැකිවී තිබුණි.

එය මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෆාත් නම් 28 හැවිරිදි තරුණයාගේ සිරුර යැයි සැකකරන බව පොලීසිය කියන්නේය.

මියගිය තරුණයන්ගේ සිරුරු එතීම සඳහා භාවිත කළ බව පැවසෙන ඉටි කොළ ද සැකකරුගේ නිවසේ තිබියදී පොලීසිය සොයාගෙන තිබිණි.

සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

පොලිසිය මිනීමරුවන් සොයා පරීක්ෂණ පවත්වයි.

lankasara

SendShareShare
Previous Post

ෂාරුක් ලෝකෙන්ම හතරට එයි!

Next Post

දුෂ්කර පාසල්වලට බස් දෙන එකට උපහාස කරන දේශපාලකයන්ගේ දූ දරුවන් ඉගෙනගන්නේ පිටරටවල සුපිරි පාසල්වල! මට ජාතිය ආගම කුලමල පන්තිය වැඩක් නෑ! මේක රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්! කොහොමහරි මම ආධාර හොයාගෙන පාසල් 10155ම දියුණු කරනවා! 70 වැනි බස් රථය තණමල්විලට අරන් යමින් සජිත් කියයි! VIDEO & PHOTOS

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.